ගල්කිස්ස වෙරල පිරවුම පිටුපස
-------------------------- ------------------------
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සදහා කරන ලද අද්‍යයන වලදි පැහැදිලි වුනේ මෙසේ ගලායන වැලිවලින් වැඩි ප්‍රමානයක් කොළඹට ඉහලින් උස්වැටකේයියාව වෙරල,මිගමුව කලපුව ආශ්‍රිතව නොගැඹුරු මුහුදේ තැන්පත් වන බව.
--------------------------
ගල්කිස්ස වෙරළ පිරවිමේ ව්‍යාපෘතිය ආන්දෝලනය පිටුපස සැගවුනු කාරනා බොහොමයක් තිබෙනව.මේ දිනවල නිලදාරින් මාද්‍ය හමු පවත්වමින් උත්සාහ කරන්නේ නිවැරදි කරුවන් බවට පත්වෙන්න.මෙම ව්‍යාපෘතිය අරමුන ලෙස ඔවුන් කියන්නෙ බටහිර වෙරලතිරය වෙරල කාදනය වලක්වගන්න ගැඹුරු මුහුදින් වැලිකැනිම් සිදුකර වෙරල පෝෂනය ( beach nourishment) කරනව කියල.
කැබිනට් අනුමැතිය ගන්නෙත් කලුතර කැලිඩෝ වෙරළ ඇතුලුව මොරටුව අගුලාන ඇතුලු මුහුදුකාදනයට තදින් ලක්වෙන ප්‍රදේශය වෙරල කාදනය වැලැක්විමට.
නමුත් මෙම පිරවුම සිදුකල ගල් කිස්ස වෙරල තිරයේ සිට කොළඹ දෙයට වන ආසන්න කිලොමිටර දෙකක පමන ප්‍රදේශයේ චන්ද්‍රිකා චායාරුප වලට අනුව මෙම කලාපයේ එතරම් සැලකිය යුතු වෙරල කාදනයක් පසුගිය අවුරුදු විස්සක විතර කාලසිමාවෙ සිදුවෙලා නැහැ.
මේ අනුව පැහැදිලි වන්නේ ව්‍යාපෘතියෙ ඇත්ත අරමුන වෙලා තිබුනේ පෝට් සිටි ව්‍යාපෘතියට සමගාමිව ගොඩනැගිමට බලා පොරොත්තුවු සංවාරක හා වානිජ උපාය මාර්ගයන්ට අවශ්‍ය වන පරිදි කෘතිම වෙරලක් ඇති කරගනිමින් වෙරළ බුමිය පලල් කර ගැනිමක් මිස වෙරල කාදනය වැලැක්විම නොවෙයි..
වෙරල තිරයක් කියන්නෙ ස්තිතික තැනක් නොවෙයි. එය කාලානුගත වෙනස්කම් වලට භාජනය වෙමින් ගතික් සමතුලිත තාවයකයි( Dynamic equilibrium) පවතින්නෙ. ඒ නිසා මෙම සමතුලිත තාවයේ වෙනස්කම් ඇතිවු විට ඇතැම් ප්‍රදේශ වෙරල තිරයක් මුහුදු කාදනයට ලක්විම වගේම තවත් තැනක වැලි තැන්පත්වෙමින් වෙරළ වර්දනය විමදකින්නට ලැබෙනව.
අපි ලංකාවෙ බටහිර වෙරල කලාපය සැලකුවොත් එහි මෙම සමතුලිත තාවය පවත්වාගෙන යන්නට මුලිකවන වන සාදක කිහිපයක් තිබෙනව. ඉන් ප්‍රදාන සාදකයක් තමයි නිරිත දිග මොසමට සමගාමිව දිවයිනේ දකුනු වෙරල තිරයේ සිට ඉහලට ගොඩබිමට සමාන්තරව ගමන්කරන දියවැල් ( longshore sediment transport) විසින් ගෙන යන වැලි ප්‍රවාහය.
කලුතරදි කලු ගගෙන් සහ මොදරදි කැලනි ගගෙන් මුහුට ගෙනෙන විශාල වැලි හා අවසාදිත ප්‍රමානයක් මෙම දියවැල් සමග ඉදිරියට ගමන් කර මින් වෙරලේ ඇතැම් ස්තානවල තැන්පත් විම සිදුවෙනව. වෙරලතිරයේ සහ නොගැඹුරු මුහුදේ පවතින භු විශමතාවයන් වගේම ඉදිකිරිම් නිසා ඇතිවන ප්‍රවාහයේ බාදාවන් මෙසේ වැලිතැන්පත් විමට බලපානව. ඒ වගේම මෙම ප්‍රවාහය නිසා ඇතැම් ප්‍රදේශවලින් වැලිඉවත් වෙමින් මුහුදු පතුල ගැබුරු විමද සිදුවෙනව.
මෙම සෘතුමය දියවැල්වලට අමතරව වඩ දිය බාදිය ක්‍රියාකාරිතවය සහ වෙරලදෙසට පැමිනෙන මුහුදු රළ Onshore wave sediments. වල ක්‍රියාකාරිත්වය වෙරළේ පැවැත්ම තිරනය කරනව.
මෑත කාලිනව කලුගගේ සහ කැලනිගග ඇතුලු සියලු ගංගාවන්හි සිදුකරන ලද අදික වැලි ගොඩදැම්මි , සහ ගංගා හරහා ජලාශ ඉදිකිරිම ආදිය නිසා ගංගා ඔස්සේ වෙරලට පැමිනෙන වැලි ප්‍රමානය අඩුවිම මෙම වෙරල තිරයේ සමතුලිතයට බලපා තිබෙනව.
මේ සියලු පරිසරික කාරනාවන් සංයුක්තව සැලකිමකින් තොරව වෙරල සංරක්ෂන ක්‍රමවේදයක් සකස්කිරිම සාර්තක වන්නේ නැත.
කෙසේ වෙතත් ගල් කිස්ස වෙරල තිරය ගොඩ කිරිමෙන් අනතුරුව දිනකිහිපයකින් ගොඩ ගසන ලද වැලි සියල්ල පාහේ මුහුදට සේදි යනව. ඒවිට වෙරල සංරක්ෂන දේපාරිතමේන්තුවේ ඉංජිනේරුවරුන් මාද්‍ය හමුපවත්වමින් කියාසිටියේ මෙම ස්තානයට වැලි පිරේව්වෙ එසේ සේදි ගොස් කොළඹ දෙසට වන වෙරළතිරයේ වැලි තැන්පත්විමට ඉඩ සැලැස්විමට බවයි.
නමුත් ඇත්ත වශයෙන්ම වෙරල පෝෂනය ( beach nourishment) ව්‍යාපෘතියකදි වෙරලේ ගොඩගසන ලද වැලි ස්තර වලින් මුහුදට නිරාවරනය වන කලාපය (equilibrium zone) යම් නිශ්ච්ත දුරක් පමනයි නැවත සේදියාමට ඉඩසලස්වන්නෙ. එසේ නොවි සමස්ත වැලි පිරවුමම මුහුදට සේදි යනව නම් එය නිමා නොවන දිර්ගකාලින ව්‍යාපෘතියක් බවට පත්වෙනව. පෙනෙන විදියට ගල්කිස්සේ වෙරලේ පුරවන ලද වැලි ඇතැම් ස්තානවල මුලුමනින්ම සේදිල ගිහිල්ල.
තවත් තර්කයක් ගෙනෙනනව මෙම ගල්කිස්ස වෙරල ගොඩකිරිමෙන් බලා පොරොත්තු වුනේ එම ස්තානයෙන් සේදියන වැලි කොලඹ දෙසට වන මුහුදු වෙරලේ තැන්පත්විමට ඉඩ සැලැස්විමට බව. ඇත්තටම එවැනි ක්‍රමයක් තිබෙනව ඒකට කියන්නෙ sand Engine /Sand motor කියල. මෙම ක්‍රමය යටතේ වෙරලේ අවසාදිත දියවැල් ගලායන ආකාරය පිලිබද සංකිර්න අද්‍යයනයක් සිදුකරල ඒ ඔස්සේ numerical models සංක්‍යමය අකෘති සකස් කරල ඒවාට අනුව සුදුසු ස්තානයක තුඩුවක හැඩයෙන් වැලිපිරවුමත් සිදුකරනව.
ඉන් පසු මෙම වැලි තුඩුව ක්‍රමයේන් සේදි ගොස් දියවැල් ගලායන දිශාවට වෙරල නිර්මානය විම සිදුවෙනව.
කෙස් වෙතත් ගල්කිස්ස හෝටලය අසල මෙම වැලි පිරවුම සිදුකරපු ස්තානය හරියටම පවතින්නේ කුඩා බොක්කක ස්වරුපයට. ඒ නිසා දකුනු දෙසින් බටහිර දෙසට ගොඩබිමට සමාන්තරව ගලායන සාගර ප්‍රවාහයට මේ ස්තානය හොදින් විවෘත වෙන්නෙ නැහැ. ඒ නිසා මෙම ස්තානය තෝරාගැනිම නිවැරදි නැති බවයි බැලු බැල්මටම පෙනෙන්නෙ.
ඒ සියල්ලටම වඩා පරිසර විද්‍යාත්මකව මුහුදු වෙරලක වඩාත් වැදගත්ම කලාපය වෙන්නේ අංතර් උදම් කළාපය. ඒ කියන්නේ වඩදියේදි සහ බාදියේදි ජලමට්ටම වෙනස් වන කලාපය. මේ කලාපයේ පවතින ගල්පර සහිත හුමුද ජෛව විවිධත්වය ඉහල තලාපයක් ලෙසට සලකනව. ගල්කිස්ස වෙරලේ මේ යට කර දමා තිබෙන්නෙ අංතර් උදම් කලාපය intertidal zone. එවැන්නක් කරද්දි මෙම කලාපයේ ජිවත්වු ජෛව ප්‍රජාව පිලිබද විද්‍යත්මක අද්‍යයනයක් සිදුකල යුතුමුත් එවැන්නක් සිදුකර නැහැ.
වරාය නගර ව්‍යාපෘතියේ පාරිසරික කලමනාකරන සැලැස්මට අනුව එහි පිරවුම් කටයුතු සදහා වැලිකැනිම් සිදුකිරිමේදි හදුනාගත් කලාපයේ මුහුදු පතුලේ ආසන්න වශයෙන් මිටරයකට වැඩි අවසාදිත ප්‍රමානයක් ඉතිරිකොට වැලි ලබා ගතයුතු බවට කොන්දෙසියක් පනවා තිබුනා. එමගින් බලාපොරොත්තු වුනේ පතුල ආශ්‍රිත සාගර ජිවින්ගේ පැවැත්මට වන හානිය අවම කිරිම. ඒ වගේම මුහුදු පතුලේ කැනිම් කාලසිමාව තුල turbidity සහ Total suspended solid කියන පරාමිතින් දෙක නොකඩවා පරික්ෂාකිරිමට යෝජිතව තිබුනා.
නමුත් මෙම ව්‍යාපෘතිය සදහා මුහුදු වැලි කැනිම් සිදුකර තිබෙන්නෙ මේ කිසිදු නිර්නායකයක් පිලිබද සැලකිල්ලක් දක්වල නොවෙයි. මේනිසා සිදුවු වැරදි නිවැරදි කරගැනිම විනා තවදුරටත් තර්ක මතින් නිවැරදි කරුවන් විමට නිලදාරින් දරන උත්සාහය පිලිබද අපට කිමට ඇත්තේ ඔබ හාස්‍යයට ලක්විම පිලිබද සිමාව ඔබම තිරනය කරල ලෙසයි
