Friday, February 19, 2021

ඒක දේශික ශාකයක් වදවිම තුලින් ඇතිවන පාරිසරික අගතිය...

 

දේවානි මහත්මිය ඇතුලු මහපොලවට ගහවැලට ලැදි මිනිසුන් පසුගිය දින කිහිපයේ crudia zeylanica  ගස රැකගැනිමට සිදුකල අරගලයේදි දරට” පමනක් ගත හැකි ඒක දේශික ශාකයක් වෙනුවෙන් මෙතරම් හඩක් නගන්නේ ඇයි දැයි ඇතමුන් ප්‍රශ්න කල ආකාරය අප දුටුවෙමු.

මේ සමග ගොඩනැගෙන සංවාදයේදි  මිහිමතින් තුරන් විමට ආසන්න ඒක දේශික ශාකයක වටිනාකම කුමක්ද යන්න පිලිබද කෙටි සටහනක් තැබිමට සිතුනි. පාරිබෝජනවාදි සමාජයක අප හුරු පුරුදු වි ඇති පරිදි වටිනාකම ලෙස අර්ත ගැන්වෙන්නේම පාරිබෝජන වටිනාකම පමනක් විම කේදවාචකයකි. එම මානව කේන්ද්‍රිය ගනන් බැලිමෙන් ඔබ්බට ජෛව ලෝකයේ පැවත්ම සලකා බැලු විට ඕනැම ජිවියෙකුගේ සුවිශේෂි වටිනා කම් කිහිපයක් පිලිබද සලකා බැලිය හැකිය.

ඉන් එක් කරුනක් ලෙස ජානමය වටිකම සැලකිය හැකිය. ඔබ මා ඇතුල මිහි මත වෙසෙන ඕනැම ජිවියකු සතුව පවතින ප්‍රවේනික ද්‍රව්‍ය එසේත් නොමැතිනම් ජාන සමුහය වසර මිලියන ගනනක පරිනාමයෙන් අපවෙත උරුමයිකි. එබැවින් එකම විශේෂයක වුවත් ජිවින් අතර එකිනෙකාට අනන්‍ය වෙනස් කම් සමුහයක් පැවතිමට හේතු වන්නේ කාලයක් තිස්සේ ඔවුන්ගේ ජාන කිතුවෙයි සිදුවු වෙනස්කම් වල අවසන් ප්‍රතිලය ලෙසටය.

 සැබැවින්ම වෙනස්වන භු දේශගුනික තත්වයන් හමුවේ නව ජීවි විශේෂ බිහිකරමින් යම් බුමියක ජිවය අකංඩව පවත්වා ගැනිමට පසුබිම සකස්කරනුයේ මෙම ජාන විවිදත්වයයි. ප්‍රවේනි විද්‍යාත්මකව ජාන සංක්‍යතය(ඇලිල සංක්‍යාතය) නැමති සංකල්පයකින් මෙම විවිධත්වයේ ප්‍රමානය ගනනය කරනු ලබයි. එකම විශේෂයක ජිවින් අතර වුවත් එිකනෙකාගේ පවතින වෙනස් කම් වැඩිවු තරමට ජාන සංක්‍යතය ඉහල යන අතර එය පරිසර පද්ධතිය තිරසාර බවට හේතු සාදකවේ.

දැන් අප මොහොතකට crudia zeylanica  ශාකය අමතක කර වඩා හුරු පුරුදු අඹ ගස වැනි ගසක් ගැන හිතමු. ඔබ පැනි අඹ, මී අඹ, කරත කොලොම්බ  විලාඩ් ආදි අඹ වර්ග ගනනාවක් රස විද ඇත. ඒ වාට පවතිනුයේ ඒ වාටම ආවෙිනික රසයක්ය. මෙම විවිද රසයන් ගොඩනැගි අත්තේ අතිතයේ පැවත් එක් පුර්වජ අඹ ගසක ජාන කිතුව වසර දහස් ගනනක් පුරාවට විකෘතින්ට ලක් වෙමින් පැමින දිර්ඝ ගමනේ ප්‍රතිඵලය ලෙසය. දැන් අප මෙම අඹ වර්ග අතුරින් වර්ග කිහිපයක වදවියාමට ඉඩ හැර පැනි අඹ පමනක් ඉතිරි කර ගත්තේ යැයි සිතමු. එවිට පවතින්නේ අඩු ජාන සංක්‍යතයකි.

 එබැවින් පැනි අඹ වලින් නැවත වතාවක් වෙනත් නව විශේෂ පිරිනාමය විමට ඇතැම් විට වසර දහස් ගනනක් ගතවිය හැක. එතුවක් කාලය තුල පැමිනෙන දේශගුනික විපර්යාස, පලිබෝද හානි, පාංශු රසායනික විපර්යාස ආදියට මුහුන දෙමින්  පැවැත්ම තහවුරු කර ගැනිමට එක් තනි විශේෂයකට පවතින හැකියාව ඉතා අවමය. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ අඹ නැමති ශාකය මුලුමනින්ම මිහිමතින් තුරන් විමය.

දැන් අප ඔය සුත්‍රයම crudia zeylanica  ශාකයට යොදා බලමු. ලංකාවේම පවතින්නේ ගස් පහක් නම්  ඒ වා අතරින් හොදින්ම වැඩුනු එක ගසක් කපා දැමිම තුලින් එම විශේෂයේ ජාන විවිදත්වයෙන් පහෙන් එකක් අහිමි කර දැමිමක් විය හැකිය. එය සුලබ ශාක විශේෂයක  ගස් දසලක්ෂයක් කපා දැමිමට වඩා ප්‍රවේනි විද්‍යාත්මකව බරපතල බලපැමක් සිදුකරන්නකි.

පමපනක් නොවේ යම් ජිවියකුගේ අනන්‍ය ජාන සංයුතිය විසින් එම ජිවියාගේ දේහය තුල ඔහුටම අනන්‍ය ජෛව රසායන සංයුතියක් බිහිකරයි. එබැවින් විවිධ ශාක තුල පවතිනුයේ එයටම ආවේනික (Phyto chemicals) කාබනික රසායනික ගබඩාවකි. මෙම රසායනික මානව පාරිබෝජන අර්තයෙන් සැලකුවද විශාල වටිනා කම් ප්‍රමානයක් සහිතය.

මෙයට හොදම උදාහරනයක් වනුයේ ශ්‍රි ලංකාවට ආවේනික ශාකයක් වන හල් ශාකය මේ වන විට වදවිමේ තර්ජනයට මුහුනදුන් ශාකයකි. හල් ශාක අතරින් Vateria copallifera ශ්‍රි ලංකාවේ ඒක දේශික ශාකයකි. හල් ගසේ විශාල කයිරු මුල්වලින් මෑතදී " කොපලිෆෙරෝල් " ( Copalliferol ) නමැති බැක්ටීරියා නාශකයක් නිස්සාරණය කර ගැනිමට පර්යේෂකයින් දෙපලක් සමත් විය. Copalliferol බැක්ටිරියා නාශකය නිපදවිය හැක්කේ හල් ගසෙන් පමනක් නම් හල් ගස වදවි ගිය හොත් එම ඖෂධයද මිහිමතින් තුරන් විය හැකියි. 

එමෙන්ම විවිධ පරිසපද්ධතින්හි  වෙසෙන එක් එක් ජිවින් අතර පවතින අංතර් සම්බන්දතාවයන් අතුරින් හදුනා ගත් සම්භන්දතා ප්‍රමානයට වඩා වැඩි ප්‍රමානයක් හදුනාගැනිමට ඉතිරිවි තිබේ. මේ අනුව එක් ශාකයක් පරිසර පද්ධතියෙන් සදහටම ඉවත්විම හමුවේ එම ශාකය සමග සමිප සබදතාවයක් පැවති ඇතැම් සත්ව විශේෂ පවා තුරන් වි යාමේ අවදානමක් පවති. 

No comments:

Post a Comment

ඒක දේශික ශාකයක් වදවිම තුලින් ඇතිවන පාරිසරික අගතිය...

  දේවානි මහත්මිය ඇතුලු මහපොලවට ගහවැලට ලැදි මිනිසුන් පසුගිය දින කිහිපයේ crudia zeylanica   ගස රැකගැනිමට සිදුකල අරගලයේදි “ දරට” පමනක් ගත හැකි ...