Friday, February 19, 2021

ඒක දේශික ශාකයක් වදවිම තුලින් ඇතිවන පාරිසරික අගතිය...

 

දේවානි මහත්මිය ඇතුලු මහපොලවට ගහවැලට ලැදි මිනිසුන් පසුගිය දින කිහිපයේ crudia zeylanica  ගස රැකගැනිමට සිදුකල අරගලයේදි දරට” පමනක් ගත හැකි ඒක දේශික ශාකයක් වෙනුවෙන් මෙතරම් හඩක් නගන්නේ ඇයි දැයි ඇතමුන් ප්‍රශ්න කල ආකාරය අප දුටුවෙමු.

මේ සමග ගොඩනැගෙන සංවාදයේදි  මිහිමතින් තුරන් විමට ආසන්න ඒක දේශික ශාකයක වටිනාකම කුමක්ද යන්න පිලිබද කෙටි සටහනක් තැබිමට සිතුනි. පාරිබෝජනවාදි සමාජයක අප හුරු පුරුදු වි ඇති පරිදි වටිනාකම ලෙස අර්ත ගැන්වෙන්නේම පාරිබෝජන වටිනාකම පමනක් විම කේදවාචකයකි. එම මානව කේන්ද්‍රිය ගනන් බැලිමෙන් ඔබ්බට ජෛව ලෝකයේ පැවත්ම සලකා බැලු විට ඕනැම ජිවියෙකුගේ සුවිශේෂි වටිනා කම් කිහිපයක් පිලිබද සලකා බැලිය හැකිය.

ඉන් එක් කරුනක් ලෙස ජානමය වටිකම සැලකිය හැකිය. ඔබ මා ඇතුල මිහි මත වෙසෙන ඕනැම ජිවියකු සතුව පවතින ප්‍රවේනික ද්‍රව්‍ය එසේත් නොමැතිනම් ජාන සමුහය වසර මිලියන ගනනක පරිනාමයෙන් අපවෙත උරුමයිකි. එබැවින් එකම විශේෂයක වුවත් ජිවින් අතර එකිනෙකාට අනන්‍ය වෙනස් කම් සමුහයක් පැවතිමට හේතු වන්නේ කාලයක් තිස්සේ ඔවුන්ගේ ජාන කිතුවෙයි සිදුවු වෙනස්කම් වල අවසන් ප්‍රතිලය ලෙසටය.

 සැබැවින්ම වෙනස්වන භු දේශගුනික තත්වයන් හමුවේ නව ජීවි විශේෂ බිහිකරමින් යම් බුමියක ජිවය අකංඩව පවත්වා ගැනිමට පසුබිම සකස්කරනුයේ මෙම ජාන විවිදත්වයයි. ප්‍රවේනි විද්‍යාත්මකව ජාන සංක්‍යතය(ඇලිල සංක්‍යාතය) නැමති සංකල්පයකින් මෙම විවිධත්වයේ ප්‍රමානය ගනනය කරනු ලබයි. එකම විශේෂයක ජිවින් අතර වුවත් එිකනෙකාගේ පවතින වෙනස් කම් වැඩිවු තරමට ජාන සංක්‍යතය ඉහල යන අතර එය පරිසර පද්ධතිය තිරසාර බවට හේතු සාදකවේ.

දැන් අප මොහොතකට crudia zeylanica  ශාකය අමතක කර වඩා හුරු පුරුදු අඹ ගස වැනි ගසක් ගැන හිතමු. ඔබ පැනි අඹ, මී අඹ, කරත කොලොම්බ  විලාඩ් ආදි අඹ වර්ග ගනනාවක් රස විද ඇත. ඒ වාට පවතිනුයේ ඒ වාටම ආවෙිනික රසයක්ය. මෙම විවිද රසයන් ගොඩනැගි අත්තේ අතිතයේ පැවත් එක් පුර්වජ අඹ ගසක ජාන කිතුව වසර දහස් ගනනක් පුරාවට විකෘතින්ට ලක් වෙමින් පැමින දිර්ඝ ගමනේ ප්‍රතිඵලය ලෙසය. දැන් අප මෙම අඹ වර්ග අතුරින් වර්ග කිහිපයක වදවියාමට ඉඩ හැර පැනි අඹ පමනක් ඉතිරි කර ගත්තේ යැයි සිතමු. එවිට පවතින්නේ අඩු ජාන සංක්‍යතයකි.

 එබැවින් පැනි අඹ වලින් නැවත වතාවක් වෙනත් නව විශේෂ පිරිනාමය විමට ඇතැම් විට වසර දහස් ගනනක් ගතවිය හැක. එතුවක් කාලය තුල පැමිනෙන දේශගුනික විපර්යාස, පලිබෝද හානි, පාංශු රසායනික විපර්යාස ආදියට මුහුන දෙමින්  පැවැත්ම තහවුරු කර ගැනිමට එක් තනි විශේෂයකට පවතින හැකියාව ඉතා අවමය. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ අඹ නැමති ශාකය මුලුමනින්ම මිහිමතින් තුරන් විමය.

දැන් අප ඔය සුත්‍රයම crudia zeylanica  ශාකයට යොදා බලමු. ලංකාවේම පවතින්නේ ගස් පහක් නම්  ඒ වා අතරින් හොදින්ම වැඩුනු එක ගසක් කපා දැමිම තුලින් එම විශේෂයේ ජාන විවිදත්වයෙන් පහෙන් එකක් අහිමි කර දැමිමක් විය හැකිය. එය සුලබ ශාක විශේෂයක  ගස් දසලක්ෂයක් කපා දැමිමට වඩා ප්‍රවේනි විද්‍යාත්මකව බරපතල බලපැමක් සිදුකරන්නකි.

පමපනක් නොවේ යම් ජිවියකුගේ අනන්‍ය ජාන සංයුතිය විසින් එම ජිවියාගේ දේහය තුල ඔහුටම අනන්‍ය ජෛව රසායන සංයුතියක් බිහිකරයි. එබැවින් විවිධ ශාක තුල පවතිනුයේ එයටම ආවේනික (Phyto chemicals) කාබනික රසායනික ගබඩාවකි. මෙම රසායනික මානව පාරිබෝජන අර්තයෙන් සැලකුවද විශාල වටිනා කම් ප්‍රමානයක් සහිතය.

මෙයට හොදම උදාහරනයක් වනුයේ ශ්‍රි ලංකාවට ආවේනික ශාකයක් වන හල් ශාකය මේ වන විට වදවිමේ තර්ජනයට මුහුනදුන් ශාකයකි. හල් ශාක අතරින් Vateria copallifera ශ්‍රි ලංකාවේ ඒක දේශික ශාකයකි. හල් ගසේ විශාල කයිරු මුල්වලින් මෑතදී " කොපලිෆෙරෝල් " ( Copalliferol ) නමැති බැක්ටීරියා නාශකයක් නිස්සාරණය කර ගැනිමට පර්යේෂකයින් දෙපලක් සමත් විය. Copalliferol බැක්ටිරියා නාශකය නිපදවිය හැක්කේ හල් ගසෙන් පමනක් නම් හල් ගස වදවි ගිය හොත් එම ඖෂධයද මිහිමතින් තුරන් විය හැකියි. 

එමෙන්ම විවිධ පරිසපද්ධතින්හි  වෙසෙන එක් එක් ජිවින් අතර පවතින අංතර් සම්බන්දතාවයන් අතුරින් හදුනා ගත් සම්භන්දතා ප්‍රමානයට වඩා වැඩි ප්‍රමානයක් හදුනාගැනිමට ඉතිරිවි තිබේ. මේ අනුව එක් ශාකයක් පරිසර පද්ධතියෙන් සදහටම ඉවත්විම හමුවේ එම ශාකය සමග සමිප සබදතාවයක් පැවති ඇතැම් සත්ව විශේෂ පවා තුරන් වි යාමේ අවදානමක් පවති. 

Saturday, November 7, 2020

හදිසියේ පැමිනි තල්මසුන් සහ සත්ව ලෝකයේ සංනිවේදන රහස්..

 පසුගිය දිනක හදිසියේම පානදුර වෙරලට ගසාගෙන ආ මධ්‍යම පරිමානයේ නියමු තල්මසුන් රෑනක බොහෝදෙනෙකුගේ දිවිබේරා නැවත දියඹට මුදාහැරීමට ඒහි රැස්වුනු අසල්වාසි පිරිස් සමත්විම මනුෂ්‍යත්වයේ ගුණ ඉස්මතුකල අනගි අවස්තාවක් විය. මේ අවස්ථාවට ස්වේච්ඡාවෙන් සහභාගිවු පිරිස අතර අසල්වාසින් සත්ව සංරක්ෂකයින් මෙන්ම ලංකාවෙන් බිහිවු කිර්තිමත් සාගර ජිව විද්‍යාඥවරියක් වන ආචාර්ය අශාඩෙවෝස්ද විය.

කෙසේ වෙතත් මෙම සිදුවිම මෙම සාගරකලාපයේ සිදුකල යම් ආකාරයක යුධ අභ්‍යසයකදි භාවිතවු විද්‍යුත් චුම්බක තරංග වල බලපැම මත සිදුවු බවට මතයක්ද පලවු නමුත් ආචාර්ය අශාඩෙවෝස්ගේ අදහස වුයේ කංඩායම් වාසිව ජිවත්වන මෙම සත්වයින් සාගර දිය රැලි වලට හසුවිම මත පිරිස් ලෙස වෙරලට කඩිවදින බවයි.

ලොව පුරා හදිසියේම සිදුවන මෙවැනි තල්මසුන් වෙරළට කඩා වැදිම් පිලිබද පර්යේෂන සිදුකරන සාගර ජීව විද්‍යාඥයින් හදුනාගෙන ඇති පරිදි තල්මසුන් වැනි සාඝරවාසි ක්ෂිරපායින්(Cetaceans)  දිර්ඝ සංචරනයන් වලදි මාර්ගය සොයැගැනිම සදහා පෘථිවි චුම්බක කෂේත්‍රය කෙරෙහි දක්වන සංවේදි තාව උපයෝගි කර ගන්න බවයි. සරලවම කිවහොත් නාවිකයින් චුම්බක මාලිමාවකින් දිශාව සොයාගන්න ආකාරයට මෙම සත්වයින්ට දේහය තුල පවතින චුම්බක සංවේදි ස්නායු සෛල මගින් දිශාව නිර්නය කරගැනිමට අපුරු හැකියාවක් පවති. මෙම සෛල තුල ඇති  අයන් ඔක්ෂයිඩ් (Iron oxide) වැනි ලෝහමය රසායනිකයන් චුම්භක කේෂ්ත්‍රයට සංවේදි වෙමින් ස්නායු සෛල තුල යම් ආකාරයක ආවේගයක් ජනනය කරන අතර ඒය මගින් මුහුදු පතුල ඔස්සේ බොහෝ දුර සංචරනයට මාවත සොයාගනි. වෙරල තිරයේ සිදුවන පථිවි චුම්භක කේෂ්ත්‍රයේ හදිසි වෙනස් කම් (Geo magnetic anomalies )ඇතැම් විට මොවුන්ගේ ගමන් මග මංපැහැරිමකට ලක්කරන බව විද්‍යාඥ මතයයි. මෙය ස්වභාවිකව හෝ කෘතිමවද සිදුවිය හැකිය.

 මෙයට අමතරව ඇතැම් විද්‍යුත් චුම්බක තරංග පරාසයන්ටද මොවුන් සංවේදිතාවක් පෙන්වයි.මෙබැවින් යුධ අභ්‍යසහො නාවුක කටයුතුවලදි බාවිතවන උපකරන මගින් නිකුත්කරන අතිධ්වනි (Ultrasound/Supersonic waves), රේඩාර් වැනි  විද්‍යුත් චුම්බක තරංග මගින් තල්මසුන් වැනි සාඝරවාසි ක්ෂිරපායින්(Cetaceans) ගේ දිශාව සොයාගැනිමේ හැකියාවට අවුල්සහගත විමට හැකියාවක් පවති. නමුත් මෙම සිදුවිම නිශ්චිතවශයෙන් ඒක් මානව ක්‍රියාකාරකමක් නිසාම සිදුවුවාද යන්න තහවුරු කල නොහැකිවන්නේ ඇතැම් ස්වභාවික සංසිද්ධින් ද මේ සදහා බලපැම් කරන බැවීනි.

උදාහරනයක් ලෙස සුර්යාගෙන් නිකුත්වන සුර්ය සුලං (Solar winds) අතිවිශාල විද්‍යුත් ආරෝපන ප්‍රරමානයක් රැගෙන යන අතර ඒ්වායේ යම් ආරෝපන ප්‍රවහයක් පෘථිවි වායුගෝලයට සමිපවු විට පථිවි චුම්භක කේෂ්ත්‍රයේ හදිසි වෙනස් කම් (Geo magnetic anomalies ) සිදුවන බව නිරික්ෂනය කර ඇත. මෙවැනි අවස්ථාවලදි චුම්බක කේෂේත්‍රය මගින් මාවත සොයාගෙන බොහෝ දුර සැරිසරන සත්වයින්ට මෙවැනිම ආපදාවන්ට මුහුන දිමට සිදුවන අවස්තා නිරිත්ෂනය කර තිබේ.

මෙම සිදුවිම සමග ගොඩනැගෙන කතිකාව තුලින් සත්ව ලෝකය හා පාරිසරික සම්බන්දතාවයන් පිලිබද තවත් මානයක සාකච්ඡාවකට අප කැදවාගෙන යනු ඇත. ඒනම් සමස්ත ජෛව ගෝලයේ බලධාරින් ලෙස ඊගෝවක වෙසෙමින් පරිසරය අත්තනෝමතිකව වෙනස් කරන මිනිසා අන් සත්වයින්ගේ හැකියාවන් හා අයිතින් අවතක්සේරුවකට ලක්කලද සැබැවින්ම මිනිසා සතුව නොමැති විශ්මිත සංවේදන පරාසයක් ඇතැම් සත්වයින් තුල පවතින බව සත්ව විද්‍යඥයින් හදුනාගෙන ඇත. ඒ් අර්තයෙන් ගත් කල අප දකින්නේත්  විදින්නේත් සොබාවික ලෝකයේ චමත්කාරයෙන් කොටසක් පමනකි.

තල්මසුන් වැනි සාඝරවාසි ක්ෂිරපායින්(Cetaceans) ට අමතරව මහද්විප පසුකරමින් පියාසරන සංක්‍රමනික පක්ෂින්ටද චුම්බක සංවේදි මාලිමාවන් ඔවුන්ගේ දේහ තුලම පවතින අතර ඒමගින් සාගර තරනය කරමින් සැතපුම් දහස්ගනනක් ඇත ඝර්ම කලාපිය රටකට පැමින සිසිරය ගෙවා දැමිමට හැකියාව උදා වී ඇත. විද්‍යඥයින් පවසන ආකාරයට මෙවැනි ඇතැම් පර්යටන පක්ෂි විශේෂ වල බොහෝදුර පියාසරියේදි ඇසේ ගැටෙන වායු ධාරාවන් හේතුවෙන් ඇසේ සියුම් පටකවල ස්තිථි විද්‍යුත් ආරෝපන ඇතිවන අතර එම ආරෝපන පෘතිවි චුම්බක ක්ෂේත්‍රයට සංවේදි විම මත ඇස තුලින්ම දිශාව පිලිබද සංවේදනයක් ලබාදෙන බවයි.

සාමාන්‍යයෙන් විද්‍යුත් කේෂ්ත්‍ර හා ස්තිථි විද්‍යුත් ආරෝපන බාවිත කරනු ලබනුයේ මිනිසා විසින් සකස්කල ඉලෙක්ට්‍රොනික උපකරන වල ක්‍රියාකාරිතවය සදහාය. එසේනමුදු අප අවට පරිසරයේ පිපෙන සුගන්දවත් මල් බොහොමයක් වර්ණවත් සුන්දරත්වයට අමතරව තමාගේම විද්‍යුත් කේෂේත්‍රයක් ඇතිකරගන්නා බව පැවසුවහොත් ඔබ ඇතැම්විට පුදුමයට පත්වනු ඇත.

මල් වල පවතින මෙම කුඩා විද්‍යුත් කෂේත්‍රය බොහොවිට මදු කෝශ ආශ්‍රිතව ව්‍යප්තවි පවති. honey bees (Apis mellifera) වැනි මිමැස්සන් ගේ ස්පර්ශකරෝම වලද සියුම් විද්‍යුත් ආරෝපන පවතින අතර මෙවැනි මිමැස්සෙකු   මලකලකට සෙනට්ම්ටරයක් පමන ලංවන විට මලේ විද්‍යුත් ක්ෂේත්‍රය දෙසට මිමැස්සාගේ ස්පර්ශක නැඹුරු වන අතර එමගින් මීමැස්සාට මල පිලිබදව හා එහි පවතින මධු ප්‍රමානය පිලිබද සංවේදනයක් ලැබේ. මෙහිදි මී මැස්සකු මලක වැසු සැනින් ආරෝපන උදාසීන විමක් සිදුවන බැවින් මල් පැනි උරන ලද මල්වල විද්‍යුත් ක්ෂේත්‍රය දුර්වල මට්ටමකට පතිවිම සිදුවේ. මෙබැවින් මලවෙත සමිප වන මිමැස්සාට තමුන්ට පෙර වෙනත් මීමැස්සකු මෙහි පැමින ඇත්ද යන්න තහවුරු කරගත හැකිය.

එමෙන්ම ඇතැම් මල්වල පරාග කනිකා බඹරුන් මී මැස්සන් වැනි සතුන්ගේ ශරිරවල ඇලිමටද මෙම ස්තිථි විද්‍යුත් ආරෝපන වැදගත් වන බව හදුනාගෙන ඇත.එමෙන්ම මී මැස්සන් තම වර්ගයා අතර සංනිවෙදනයට යම් ආකාරයක නර්ථනයක් බදු චලනයක් දක්වන ආකාරය අප දැක ඇත. මෙහිදිද හුදු චලනයකට අමතර මීසැස්සාගේ ශරිරයේ පියාපත් ,ස්පර්ශක හා උදරය ආදි ආරෝපිත ස්ථාන වේගයෙන් සෙලවිමෙදි විද්‍යුත් චුම්බක තරංග ජනනය වන බවත් එහි විස්තාරය හා සංඛ්‍යාතය මගින් අනෙකාට පනිවුඩයක් ලබාදාය හැකි බවත් විද්‍යඥයින් හදුනාගෙන තිබේ.මෙම විද්‍යුත් සංවේදිතාව කැරපොත්තන් හා පොතිරිස්සන් වැනි සතුන් තුලද මැනවින් බවතින බව හදුනාගෙන ඇත.

අලි ඇතුන්ටද මෙවැනිම මිනිසාට නොමැති සුවශේෂි සංනිවේදන ක්‍රමයක් පවති. එය භුමිය ඔස්සේ ව්‍යාප්තවන ඉතා අඩු සංඛ්‍යාතයකින් යුතු සියුම් කම්පන ඔස්සේ සිදුකර ගන්නා සංනිවේදනයකි.බර කිලෝ දහස්ගනනක් වන අලියකු ඔහුගේ පාදය පතුල යම් රිද්මයකට පොලව මත ගැටිමට සලස්වමින් අඩු සංක්‍යත කම්පන තරංගයක් (Seismic wave) ඇතිකරයි. මෙම සියුම් කම්පනය භුමිය ඔස්සේ සැතපුම් විස්සක් පමන පැතිර යන බව ඇමරිකානු පර්යේෂකයකුවන Caitlin O'Connell-Rodwell පවසයි.

  මෙසේ එක් අලියකු විසින් ලබා දෙන කම්පන සංඥාව දුර බැහැරක සිටින තවත් අලියකුට ඔහුගේ පාදයෙන් ග්‍රහනය කරගත හැකි අතර ඉන්පසු එම කම්පන සංඥාව අලියාගේ පාදයේ අස්ති ඔස්සේ කණ වෙත ලගාවන බව පර්යේෂකයින් තහවුරුකරගෙන ඇත.

ඇස මගින් සිදුකරනු ලබන දෘෂ්ටිමය සංවේදනය සත්ව ලෝකයේ පවතින ප්‍රමුකම සංවේදනය බව අප දනි.මෙහිදි අප දකින වරණවත් ලෝකයතුල ඇත්තේද සැබැවින්ම අප දකින වර්න ප්‍රමානය පමනක් නොවේ. තවත් බොහෝවර්න පැවතියද ඒවා මිනිස් ඇසට සංවෙිදි නොවේ.මිනිස් ඇස සංවේදි වන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තරංග ආයාමය 380nm -700nm දක්වාවු පරාසයේ වන ආලෝක තරංගයන්ට පමනි. මෙම පරාසය වර්ණ අප දකින්නේ මිනිස් ඇසේ පවතින කේතු සෛල වර්ග තුනක් මගින් ලබාගන්නා වර්න සංවේදන එකිනෙක සංයෝජනය කිරිමෙනි. අපගේ ලෝකයේ සියලු වර්ණ සංයෝජන හා සියලු ම්‍රදුන කටයුතු four Colour වී ඇත්තේ මෙම පදනම මතය. එසේ නමුත් ඇතැම් කුනිස්සන් වැනි සතුන්ගේ දෘෂ්ටි පරාසය අප තරම් ප්‍රබල නොවන නමුත් ඔවුන්ට කේතු සෛල වර්ග 15 ක් පවති. මෙබැවින් ඔවුන් දකින එකිනෙකට වෙනස් වර්ණ ප්‍රමානය සිතාගත නොහැකි තරම්ය.

මෙන්ම මිනිස් ඇසට ගෝචර නොවන අදෝරක්ත කිරන හා පාරජම්බුල කිරන වලට සංවේදි ඇස් සහිත සත්වයින් බොහොමයක් සිටි. විශේෂයෙන්ම නිශාචර සතුන්ට හා සාගර පතුලේ ජීවත්වන ජීවින්ට මෙම උරගයන්ට මෙම සංවේදි තාව පවති.නාගයන් වැනි සර්පයින්ගේ ඇස්වල පහලින් පිහිටි Pit Organs නම් ස්තාන අදෝරක්ත කිරන/තාපවිකිරන සදහා සංවේදිය.  අප ආලොක්ය උපයොග්කරගෙන ඇස් මගින් රුප දකින් ආකාරයට ඔවුන්ගේ ඇස්  උනුසුම ඔස්සේද රුප මවාගැනිමක් සිදුකරයි.

සත්ව ලෝකයේ ශබ්ධය සංවේදනය සම්බන්දවද බවතින්නේ මෙවැනිම විචිත්‍ර විවිධත්වයකි. මිනිසාට ග්‍රහනය නොවන 20hz ට වඩා අඩු සංක්‍යත සහිත ශබ්ද තල්මසුන්ට හා අලි ඇතුන්ට, සුනකයන්ට ශ්‍රවනය කල හැකි අතර  තලමසුන් එවැනි අඩු සංක්‍යත ශබ්ද මගින් කිලෝමිටර සියයක් පමන දුරින් සිටින තවකෙකුට පනිවුඩ ලබාදෙන බව හදුනාගෙන ඇත.ඩොල්පින් මසුන්ට හා වවුලන්ට 2000hz වැඩි අතිධවනි තරංග මගින් පරිසරයේ ඇති දැ නිරික්ෂනයට හැකියාවක් පවති. මැතකදි කල පර්යේෂනයක් මගින් තහවුරු කර ඇත්තේ මිනිසා තම කලල අවදිය තුලදි මෙවැනි අදි සංක්‍යාත තරංග වලට සංවේදි බවක් දකිවන බවයි. විශේෂයෙන්ම මිනිසා කල අවදිය තුල පසුකර යන පරිනාමික බන්දුතාවයන් මෙයට හේතුවන බව පර්යේෂකයින්ගේ මතයයි. ඇතැම් දරුවන් මවු කුස තුල සිටියදි ultra sound scanning වලදි ප්‍රතිචාර දක්වා ඇති බව සදහන් වේ.

ආඝුහහන සංවේදනයද පුලුල් පරාසයක විවිධත්වයක් පෙන්වන අතර මිනිසාගේ දුර්වලම සංවේදනය වන්නේද ආඝ්‍රහන සංවේදනයයි. හිම වාසි වලසුන් හා කලු වලසුන්ට කිලෝමිටර 45 පමන දුරක පිහිටි දෙයකින් හමා එන ඝන්දය හදුනා ගත හැකි අතර ඒ පිලිබද මාර්ග සටහනක් මොළය තුල මවා ගැනිමට ඔවුන්ට හැකියාව ඇත. මෙම සුවිශේෂි හැකියාව සුනකයින් හා වෘකයින් ටද සතුවන අතර නවිනතම පරියේෂන අනුව මිනිස් සිරුරේ පිලිකා හදුනා ගැනිමට පවා මොවුන් සමත්ව ඇත.

සත්ව ලෝකයේ මේ ආකාරවු අදි සංවේදිතාවයන් හේතුවෙන් මිනිසා විසින් පරිසරය තුල සිදුකරනු ලබන ඇතැම් වෙනස්කම් හා මිනිස් ක්‍රියාකාරකම් වලදි අප අත්නොවිදිනු ලබන ඇතැම් අපහසුතාවයන් සත්වලෝකය අත්විදින බව නිසැකය. එබැවින් සියල්ලන්ටම ජීවත්විමට හිතකර ලෝකයක් තැනිමේ ව්‍යායාමයේදි සත්ව ලෝකයේ දෙස ප්‍රජාතන්ත්‍රිය මානයකින් සලකා බැලිය යුතු බව අවිවාදිතය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                               journal of the Acoustical Society of America (JASA).






Sunday, October 11, 2020

ආර්ය වෛශ්‍යයින්ගේ කුලයට අයත් එන්සයිම....

 





පසුගිය සතියේ දිනක අපගේ ඉන්දියානු ජාතික හිතවතෙකු සමග සුහද කතාබහක නිරතවන අතරෙ ඔහු තරමක් විවාදාත්මක අදහසක් ඉදිරිපත් කලා. ඔහු කිවෙ කොරෝනා වලට මම ගොඩක් බයයි, මොකද මම ආර්ය වෛශ්‍ය කුලයේ කෙනෙක් අපේ අය තමයි කොරෝනාවලින් වැඩිපුරම මැරෙන්නෙ”. ඒ කතාව ඇතුලෙ කුමක්හෝ සමාජ විද්‍යාත්මක පසුබිමක් ඇතැයි සිතුනු නිසාම අපි කතාබහ ඉදිරියටම ගියා. නමුත් ඔහු කියන විදියට ඒ දිර්ඝ මාතෘකාව හුදෙක් කුලය පිළිබදව වන සමාජ විද්‍යාත්මක සිමාවෙන් ඔබ්බට යන කුලය සම්බන්ද ජිව විද්‍යාත්මක කාරනාවක්.

ජාති,කුල, ආගම් ආදි බෙදිම් මිනිසා විසින් අතිකරගත් සංස්කෘතික බෙදිම් මිස සැබැ ජීව විද්‍යාත්මක බෙදිමක් නොවන බවයි නුතනත්වයේ අප කාගේත් පොදු විශ්වාසය. නමුත් සමාජ ව්‍යුහයේ දිර්ඝ කාලයක් මෙම පදනම පැවතිම නිසා ඇතැම් කුල වලට අයත් ජනකොටස් වල ශරිරයේ ජෛව විද්‍යාත්මක වෙනස් කම් පවා ඇතිවි තිබෙනවා.

දකුනු ඉන්දියාවෙ ඇතැම් ප්‍රදේශ වල රෝහලකට සැත්කමක් සදහා ඇතුලුවන රෝගින් ලියාපදිංච් කරගැනිමේදි ඔවුන්ගේ කුලය වෛද්‍යවරයා විසින් විමසනව. මේයට යම් පදනමක් තිබෙනව. එනම් දකුනු ඉන්දියාවෙ වෙසෙන ආර්ය වෛශ්‍ය කුලයේ ජනයාට Scoline හෙවත් Suxamethonium Chloride නැමති නිර්වින්දන ‍ඖෂදය ආසාත්මික තාවයන් සහ සංකුලතා ඇතිකරන බව වෛද්‍යවරු හදුනාගෙන තිබෙනව.

මෙම ඖෂධය බාවිත වන්නේ නිර්වින්දනය අතරතුර මාංශ පේශි ලිහිල් කිරීම සඳහා කෙටි ක්‍රියාකාරී ස්නායු මාංශ පේශි අවහිර කිරීමේ කාරකය ක් විදියට. නමුත් මෙම ඖෂදය ටික වෙලාවකට පසු මිනිස් සිරුරේ පවතින එන්සයිමයක් මගින් වියෝජනයට ලක්කරන නිසා සැත්කම අවසන්වු පසු ක්‍රමයෙන් රෝගියාගේ පේශි නැවත යතාතත්වයට පත්වන බවයි වෛද්‍ය විද්‍යා පොත පතේ සදහන් වන්නෙ.

කෙසේ වෙතත් මේ සදහා වැදගත් වන විශේෂිත එන්සයිමය ආර්ය වෛශ්‍ය කුලයේ ජනයාගේ සිරුරේ නැහැ. එසේ නැතිනම් පවතින්නේ ඉතා දුර්වල ක්‍රියාකාරිතවයක. මේ හේතුවෙන් ආර්ය වෛශ්‍ය ජනයාට Scolin  එන්නත ලබාදුන්විට සැත්කමකින් අනතුරුව රෝගියා දරුනු සංකුලතාවයකට ලක්විම හෝ මිය යැම වුවත් සිදුවන බවයි ඉන්දිය වෛද්‍යවරු පවසන්නේ.

මේ ආකාරයට කුලය වැනි සංස්කෘතික බෙදිමක ඇතුලේ ජෛව විද්‍යාත්මක වෙනසක් ඇතිවුනේ කොහොදමද? මේක විසදගන්න මගේ මතකයට ආපු අදහස අපි පරිසර විද්‍යාවෙදි කතා කරන Species Isolation Mechanism හෙවත් විශේෂ විසංගමන යාන්ත්‍රනය.

මේක සිදුවුනේ සරලවම කිවොත් මෙහෙමයි. පරිසර පද්දතියක  එකම විශේෂයක සතුන් අතර යම් පිරිසක් කිසියම් බාහිර බලපැමක් හේතුවෙන් හුදකලාවිමක් සිදුවුනොත් ( අලුතින් ඇතිවු දියපහරක්, අදිවෙගි මාර්ගයක්, නායයාමක් වැනි ස්වභාවික බාදකයකින්) එම කංඩායම් දෙක අතර අංතරාභිජනනය( ලිංගික සබදතා) ඇතිවිම  භාදා වෙනව.

මේ නිසා ලිංගික සබදා සිදුවන්නේ එක්පසකට කොටුවු පිරිස අතර පමනයි මේ තත්වය දිර්ගකාලයක් පැවතිම මත ඔවුන්ගේ ජාන මුහුවිම වලකිනවා. මෙහි ප්‍රතිපලය වන්නේ කුඩාවු කංඩායම ප්‍රවේනික රෝග වලට ලක්වි නශ්ඨ වියාම  හෝ කංඩායම් දෙක මුලුමනින්ම වෙනස් සත්ව විශේෂ දෙකක් බවට පත්වීමයි.

සෲග් වේදය පදනම්වු පැරණි බාරතිය කුල පදනම මත ආර්ය වෛශ්‍ය කුලයේ සමාජමය කාර්යබාරය වුයේ වෙලදාම. ඒ නිසාවෙන් මෙම කුලයට බොහොවිට අයත්වුනේ සිටුවරුන්ය.මොවුන් කුල ගෙෘරවයත් වත් කම් අන්සතුවිම වලක්වාගැනිමටත් තම කුලයෙන් පරිභාහිරව විවාහ සිදුනොකර ගනිමින් සිමිත පිරිසක් අතරට පමනක් විවාහයන් සිමාකර ගෙන තිබෙනව. 

ඒ නිසා වසර තුන්දහසක් පමන කාලයක් පැවත ඇත්තේද වාසගම් කිහිපයකට අයත් පිරිසක් පමනි. ඒ අතර( Setty, Chetty, Chetti, Chettiar, Gupta, Rao and Sreshty.) සෙට්ටි,චෙට්ටි,චෙට්ටියාර්,රාවෝ,ගුප්ත ආදි පෙළපත් ප්‍රමුඛ වෙනව.

මොවුන් කුලය තුල පමනක් විවාහ සිදු කරගැනිම කොතරම් දුරට සලකා බලා ඇත්ත යන්න සැලකුව හොත් ඔවුන්ගේ පරපුර තුල පියාගේ සහෝදරිය සමග විවාහ විමට පිරිමින්ට ඉඩ තිබෙන නමුත් වෙනත් කුලයකින් විවාහ විම කුලයෙන් නෙරපා හැරිමටත් පරම්පරාවේ වත්කම් වල හිමිකාරිතවය මුලුමනින්ම අහිමි විමටත් හේතුවක් වන බවයි මුලාශ්‍ර සදහන් කරන්නේ.

මේ ආකාරයෙන් ආර්ය වෛශ්‍ය මහා ගෙෘරවනිය පිරිසිදු කුල පැවැත්ම ඔවුන්ට අවසාන වශයෙන් හිමිකර දි තිබෙන්නේ අඩු ප්‍රතිශක්තිකරනයක් සහිත, දරුවන් ලැබිමේ හැකියාව හෙවත් සරුභාවය සාපේක්ෂව අඩු අසාත්මික තාවන්ට ගොදුරුවන ප්‍රජාවක් බවට පත්විම කෙතරම් නම් අභාග්‍යක්ද.

සැබැවින්ම මානව සමාජයේ නිරෝගි මෙන්ම වඩාත් බුද්ධිමත් ජනකොට්ටාසවල ප්‍රවේනික පදනමට මුලික හේතුව ලෙස විද්‍යාඥයින් හදුනා ගන්නේ ඔවුන්ගේ ජාන කිතුව තුල ආගන්තුක ජාන මුහුවි ඇති ප්‍රමානයයි. එයට එක් උදාහරනයක් වන්නේ යුදෙව්වන්. වාස භුමියක් නොමැතිව අවුරුදු දහස්ගනනක් ලොව පුරා ඇවිදගිය  යුදෙව් ඩයස්පොරාව බොහෝ ජනවර්ග සමග මුහුවිම මත ඔවුන් සෞඛ්‍ය සම්පන්න මෙන්ම බුද්ධිමත් ජනවර්ගයක් බවට පත්ව තිබෙනව.

මේ අතර අලුත්ම ශාක්ෂිය විදියට කොරෝනා වසංගතය ව්‍යාප්ත විම සමග ඉන්දියාවේ මියගිය පිරිස් අතර බහුතරය ආර්ය වෛශ්‍ය යන්  බව අපේ මිත්‍රය පවසනව. ඒ පිලිබද නිවැරදි සංක්‍යාලේකන අංතර්ජාලයේ සොයාගැනිමට නොලැබුනත් මේ පිළිබදව ලියවුනු ඉන්දියානු සගරා ලිපි කිහිපයක් කියවු විට මා ගේ හැගිම වුවේද ඔහුගේ පුද්ගලික අත්දැකිම බොහෝදුරට නිවැරදි විය හැකි බවයි.

 

-කපිල මහේෂ් රාජපක්ෂ-

 

 

Read more at:

http://timesofindia.indiatimes.com/articleshow/1823598.cms?utm_source=contentofinterest&utm_medium=text&utm_campaign=cppst

 

 

 

Monday, September 21, 2020

 


 

දශක හතක සංවර්ධනයේ පාරිසරික ඝට්ටනය

-------------------------------------------------------

 

ඩඩ්ලි සේනානායක මහතාගේ දෙවන පාලන සමය අවසන් අදියරයට පැමිනෙන අවදිය වන විට ශ්‍රිලංකාවේ පශ්චාත් නිදහස් ආර්තික සංවර්ධන ක්‍රියාදාමයට අංතර් ජාතික මුල්‍ය ආයතන සහ ජාත්‍යයන්තර සංවිදානවල ඇල්ම බැල්ම වැටෙමින් පැවතිනි. ඔහු පෙර සමයේ මෙහෙයවන ලද ගල්ඔය, මින්නේරිය වැනි ගොවිජනපද ව්‍යාපාර වෙනුවට විකල්ප වානිජ ඉලක්ක පිලිබදව සැලකිලිමත් වෙමින් සිටියේය.

මෙම අවදියේ එක්සත්ජාතින්ගේ සංවර්ධන වැඩ සටහන (UNDP) හා ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) හි මැදිහත්විමෙන් සිංහරාජ වනාන්තරය ඇතුලු ශ්‍රිලංකාවේ ප්‍රමුක වනාන්තර වල පවතින දැව සම්පත් පිලිබද සිදුකල තස්සෙරුවකින් පසු රජයට යෝජනා කර තිබුනේ මෙම වනාන්තරවල යම් කොටසක් එළිපෙහෙලෙි කොට එම දැව මුලික කරගත් කර්මාන්ත ආරම්භකිරිමටය.ඒ අනුව වරිණිය දැව හෙලිම සදහා දිවයිනේ පැවති සිංහරාජය ඇතුලු නොයිදුල් වැසි වනාන්තර තෝරාගන්නේ එහිවන අමිල පාරිසරික වැදගත්කම ආර්තික සංවර්ධන අවශ්‍යතාවට යටපත් කරමින්

මෙයට සමගාමිව 1968 අංක 15 දරන පනතින් කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව පවතින තෙත් බිම් ගොඩකිරිම සදහා වෙනම ආයතනයක් ස්ථාපිත කලේය.එය පහත් බිම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ මංඩලයයි. මෙම ආයතනය ස්ථාපිත කරන අවදියේ සිට මැතකදි එම පනත සංශෝදනය වන තෙක්ම එම ආයතනයේ අරමුන ලෙස සදහන්වුයේ ගොඩකලහැකි සියලු ඉඩම් ගොඩකර වානිජ වටිනාකමක් සහිත ඉඩම් බිහිකිරිමයි.අද දවසේ අප සතු පරිසර විද්‍යාත්මක කියවිම අනුව තෙත් බිමක් ගොඩකිරිම යනු අතිමහත් පාරිසරික හානි ප්‍රමානයක් ඇතිකරනු ලබන ක්‍රියාවකි.

මෙම අවදිය වන විට පරිසර අර්බුදය පිලිබද සාකච්ඡාව එතරම් ප්‍රබලව සමාජ පිලිගැනිමකට ලක්ව නොතිබු නමුත් ශ්‍රිලංකාවේ වාමංශික දේශපාලන දහරාව තුල බිහිවු ඇතැම් දුරදර්ශි නායකයින් පාරිසරික හානි හේතුවෙන් උද්ගතවිය හැකි අනාගත අනතුර පිළිබද යම් පුරෝකතනයන් සිදුකර තිබුනි. ඒ අතර දොස්තර එස්.ඒ වික්‍රමසිංහ මහතා මද්‍යමකදුකරයේ සිදුකරන අවිදිමත් භුමි පරිහරනය හා විනාශ පිලිබද අදහස් දක්වා තිබිනි.

එමෙන්ම රෝහන විජේවිර මහතා 1970 මාර්තු 12 වන දින කොළඹ හයිඩ් පිටියේ පැවත්වු ජ.වි.පෙ පලමු රැලිය අමතමින් කියා සිටියේ සුදු අධිරාජ්‍යවාදින් විසින් බලහත් කාරයෙන් අපගේ මාතෘභුමිය අල්ලාගැනිමෙන් පසු මද්‍යම කදුතරයේ පිහිටි මුහුදු මට්ටමේ සිට උස අඩි පන්දහස ඉක්මවු ප්‍රදේශයේ නොයිදුල් වනාන්තරය කපා දමා වානිජ වගාවන් ඇරඹ්ම අති දැවැන්ත පාරිසරික හානියක් ඇති කල බවත් අප තවදුරත් මෙම වනාන්නත පද්දති විනාශ කලහොත් එහි ආදිනව දශක කිහිපයක් යන විට නාය යැම්, ගංවතුර ආදි මහා ව්‍යසනයන් ලෙස අප හමුවට පැමිනෙනු ඇති බවය. ඔහු අවදාරනය කර තිබුනේ අඩි 5000ට වැඩි ඉහල ජලාධාරය නැවත ස්වභාවික වනය බවට පත්විමට ඉඩහැරිය යුතු බවය.

කෙසේ වෙතත් ඩඩ්ලි සේනානායක රජය පරාජය කරමින් සමගි පෙරමුන යටතේ සිරිමාවෝබන්ඩාරනායක මැතිනිය 1970 දි බලයට පත්වන අතර එම රජය ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්දන ඉනිමයක් අරඹමින් ඉලක්ක ගත ආර්ථික සංවර්දන වැඩපිලිවෙලකට අවතීර්න විය.

එවකට ලොව පැවති රාජ්‍ය ඒකාධිකාරි ලිබරල් ආර්තික උපායමාර්ගයන්ට අනුව වේගවත් නිශ්පාදන ආර්තිකයක් ස්තාපිත කරනු වස් මිත්‍ර රාජ්‍යයන්හි සහය ඇතිව මහා පරිමාන රාජ්‍ය ව්‍යවසායන් අරඹන සිරිමාවෝ රජය කඩදාසි නිශ්පාදනය, වානේ කර්මාන්ත, ටයර් හා රසායනික කර්මාන්ත ආදි කර්මාන්ත රාශියක් ඇරඹුවේ දේශිය අමුද්‍රව්‍ය මත නිශ්පදනයන් මෙහෙය විමේ අරමුනු සහිතවය.මෙහිදි පරිසරය පිලිබද ඉතාම අවම සැලකිල්ලක් සහිත රාජ්‍ය කර්මාන්ත සංස්කෘතියක් ඇරඹුනු ආකාරය දැක ගත හැකිය.

 

ඩඩ්ලි සේනානායක මහතා සැලසුම් කර තිබු සිංහරාජ වනය ආශ්‍රිත දැවකර්මාන්තය සිරිමාවෝ රජය විසින් ඇරඹු අතර එය වඩාත් හානිකර දිශානතියකට දිවෙන්නෙ දැව වලට අමතරව තුනිලැලි නිපදවිම සදහා මහාපරිමාන වන හායනයකට පියවර තැබිම සමගය.

කැනඩාවේ රීඩ් කොලින්ග්ස් ඒකාබද්ධ සමාගමේ (Canadian Reid Collings Associates (Ltd) සහාය ඇතිව කොස්ගම තුනීලෑලි සංස්ථාව (Plywood Corporation) ස්ථාපනයකර  ඒ සඳහා අවශ්‍ය දව ලබා ගැනීමට සිංහරාජ වනයේ උතුරු ප්‍රදේශයේ හෙක්. 5000 ප්‍රදේශයක් වෙන්කර දැව හෙළීම් ආරම්භ කරනලදී. දැව කඳන් ප්‍රවාහනය සඳහා විශාල යන්ත්‍ර (Timber jack, Trucks, Backhoe හා Bulldozer ආදිය) භාවිතා කළ අතර ඒ සඳහා අඩි 12 – 15 පළල් වූ දැව ප්‍රවාහන මාර්ග ඉදිකරනලදී. එපමනක් නොව නාකියාදෙනිය වනාන්තරය, දෙදියගල වනාන්තරය, කන්එලිය වනාන්තරය හා යගිරල වනාන්තරය ඇතුලු තෙත් සදාහරිත වනාන්තර කිහිපයක් එළිපෙහෙලෙිකරමින් බරපතල වන විනාසයකට මගපාදමින් අමුද්‍රව්‍ය එක්රැස්කිරිම ඇරඹිය.

මෙම ක්‍රියාදාමයේ ආදිනව කෙටිකලකින් පෙන්නුම් කරමින් සොදාපාලුවු ප්‍රදේශයේ කාදනයවු පස් ගීං ගගෙහි තැනිපත්වෙමින් ගිංගග බොරපැහැවි පිටාර ගලමින් බොහෝ ප්‍රදේශ ගංවතුරට ගොදුරුවිම සිදුවිය. මේ සමග නන්දෙසින් පැනනැගනුනු ජනතා විරෝධය හමුවේ මෙම වනාන්තර විනාශය නතරකර දැමිමට සිරිමාවෝ රජයට සිදුවු අතර 1976 වන විට සිරිමාවෝ මැතිනියගේ රජයට එරෙහිව විපක්ෂයේ ජේ.ආර් ජයවර්ධන මහතා ගෙනගිය විරෝධතාවයන්හි එක් ප්‍රභල සටන්පාටයක් වන්නේද සිංහරාජවනාන්තරය කපාදැමිම නතර කිරිමයි.

මේ සමස්තයේ ප්‍රතිඵලයක් ලෙස 1977 දි සිරිමාවෝ රජය පරාජය කරමින් ජේ.ආර් ජයවර්ධන මහතා බලයට පත්වන අතර ඔහු ප්ශ්චාත් නිදහස් ශ්‍රිලංකාවේ දෙවන ඉලක්ක ගත ආර්තික සංවර්ධන වැඩ පිලිවෙල ඇරඹිය. සිරිමාවෝ රජයේ අපනයන ආදේශක සංවෘත ආරිතිකය වෙනුවට විවෘත හෙවත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මත පදනම්වු ආර්තික වැඩ පිලිවෙලකට පිවිසෙන ඔහු ඒ සදහා උචිතවන ලෙස බල දේශපාලනික පිටිය සකස් කරගන්නාලදි.

පරිසර හිතකාමි ධාර්මික සමාජයක් පිළිබද කතිකාවක් සමග නව පාලන තන්ත්‍රය ඇරඹි නමුත් තම ආර්තික සංවර්ධන ප්‍රතිපත්ති ගොඩනැංවිම හමුවේ ජේ. ආර් පාලනයද පුරුදු පරිද් පරිසරය හා ස්වබාබික සම්පත් වල පැවැත්ම පසෙකට තලා ආර්තික සංවර්ධන උපාය මාර්ග සැලසුම්කිරිම ඇරඹිය. සැබැවින්ම මෙය හුදෙක් ජයවර්ධන මහාතාගේ හො සිරිමාවේා බන්ඩාරනායක මැතිනියගේ ආකල්පමය වරදක් නොව ධනවාදි ආර්තික සංවර්ධන අපාය මාර්ගයන්හි පවතින නෛසාර්ගික(උපන්ගෙයි )ස්බවබාවයකි..

සිහරාජ වනය වන විනාශයයෙන් බේරා ගැනිමට පෙරට ආ ජයවර්ධන මහතා ඒ ආශ්‍රිතව ඇක්ටිවෙට්ඩ් චාකෝල් නිපදවිමේ ආයෝන සැලැස්මක් සකස්කලේය.

 ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන අගනගරය ඉදිකිරිම සහ යෝජිත නිදහස් වෙලදපල ආර්තික උපායමාර්ගයට අවශ්‍යකරන බුමිය සකස්කර ගැනිම පිලිබද අවදානය යොමුකල ජවයර්ධන පාලනය එවකට කොළඹ දිස්ත්‍රික්කය පුරා විසිරි පැවති තෙත් බිම් පරිසර පද්ධතිය ගොඩකරමින් ආර්ථිකමය වටිනාකමක් සහිත ඉඩම් ප්‍රමානයක් බිහි කර ගැනිමේ හැකියාව හදුනාගෙන තිබිනි. මෙම නව ආර්තික උපාය මාර්ගයේ දෘෂ්ටිවාදි කියවිමට අනුවඑම වගුරු බිම් හෙවත් තෙත් බිම් පරිසර පද්ධතිය කිසිදු පලප්‍රයෝජනයක් නොමැති බුමියකි. එබැවින් ඔවුන්ට අවශ්‍යවුයේ මේවා ගොඩකරමින් ඉඩම් ප්‍රමානය වැඩිකර ගැනමය. ඒ අරමුන ශාක්ෂාත් කරගැනිමට පහත් බිම් සංවර්ධන මංඩල පනත සංශොදනය කර ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව නම් රාජ්‍ය ආයතනයක්ද ස්තාපිතකලේය. ගොඩකල මහ වගුරු බිමකි එහි ඉදිවන පුරවරයකි” ...මෙය එවකට තෙත් බිම් ගොඩකිරිම සාදාරනීකරනය සදහා සකස්තරන ලද සංවර්දන තේමා පාටය විය.

කෙසේ වෙතත් නව ලිබරල් ආර්තිකයට ගැලපෙන ලෙස කර්මාන්ත බිහිකිරිමටත් පවත්වාගෙන යාමටත් ඒවායේ නියාමනයට අදාල පාරිසරික ප්‍රමිතින්ප්‍රමානයක් හදුන්වාදෙන ජයවර්ධන පාලනය ජාතික පාරිසරික පනත හදුන්වා දෙමින් මද්‍යම පරිසර අධිකාරියද ස්තාපිත කලේය. එවකට සියලු නිදහස් වෙලද කලාප පහසුවෙන් අදප්‍රව්‍ය බැහැරලිමට හැකි ස්තානවල ස්තාපිත කල අතර බොහොමයක අප ජලය මුදාහැරියේ කැලනි ගගට හො ආශ්‍රිත ජලාශයකටයි. මේ සදහා ශ්‍රිලංකාවේ පාරිසරික ප්‍රමිතින්හි යම් නම්‍යශිලි සිමාවක රැදවිමට ඔවුන් කටයුතු කලේය.

එම රජෙයේ අනෙක් ප්‍රධාන සංවර්ධන ක්‍රියාදාමය වු කඩිනම් මහ වැලි සංවර්ධන යෝජනාක්‍රමය ක්‍රියාවට නංවන අතරතුර පෙරසැලසුම තුල සාකච්ඡාවු බොහෝ පාරිසරික අද්‍යයනයන් මගහැර කඩිනම් සංවර්ධන ප්‍රවේශයකට පිවිසිම විසින් ඇතිකල දිර්ඝකාලින පරිසර ගැටලු ප්‍රමානය ඉතාඉහලය.

මෙම සංවර්ධන ඉනිමදෙකෙන් පසු ජයවර්දන පාලනයේ දෙවන අදියර ලෙස 2001 රනිල් වික්‍රම සිංහ මහතාගේ යලිපුබුදමු ශ්‍රිලංකා වැඩසටහන යෝජනාවු නමුත් එය ක්‍රියාවට නැංවිමට අවස්තාවක් නොවිය. එමෙන්ම 2015 රජයේ අවිදිමත් පාලන සමය තුල රනිල් වික්‍රම සිංහ මහතා නැවත වතාවක් සුපුරුදු නවලිබරල් ආර්තික ප්‍රතිසංස්කරනයකට පෙල ගැසෙමින් ආන්දෝලනාත්මක MCC ගිවුසුම ක්‍රියාවට නංවමින් ශ්‍රිලංකාවේ බුමිය හා පාරිසරික සම්පත් අවදානමට ලක් කරමින් සිටින මොහොතක එම පාලන තන්ත්‍රය බිදවැටිම සිදුවිය.

 එබැවන් සිරිමාවෝ හා ජයවර්ධන ඉනිම දෙකෙන් පසු ඉලක්කගත ධනවාදි ආර්තික සංවර්ධන වැඩ පිලිවෙලක් ලෙස පැමිනෙන්නේ නව රජයේ ගොඪාබය රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩ පිලිවෙලයි.

එයද ආරම්බයේම ප්‍රතිපත්ති සම්පාදකයින් පාරිසරික සංර්ක්ෂනය මග හැර වඩාත් පහසු ධනවාදි නිශ්පාදන ආර්තිකයක් කරා යැමට මානයන් කිහිපයක් හදුනාගෙන තිබිනි.

පලමුවෙන්ම ඛනිජ කැනිම් හා ප්‍රවාහනය සම්බන්දව පැවති නෛතික රාමුව වෙනස්කරමින් වැලි හි ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන බලපත් ඉවත් කල අතර රජයට අයත් අවශේෂ වනාන්තර නැවතවතාවක් ප්‍රාදේහිය ලේකම් වරුනට පැවරිම  හරහා වෙනත් භාවිතාවන් සදහා ලබාගැනිමට සැලසුම් සකස් විය. ඒ සදහා 5/2001 චක්‍රලේකය සංශෝදනයට ගත් උත්සාහය තාවකාලිකව යටපත් වන්නේ නැගි ආ පරිසරවෙදින්ගේ විරෝධය මතය. කෙසේ වෙතත් යුගයක රජයන මතවාදය නම් පාලකයින්ගේ මතවාදයන්ය යන්න පසක්කරමින් රට පුරා රට පුරා පවතින රජයට අයත් වන බුමි පරක් තෙරක් නොමැතිව එලිපෙහෙලි කිරිම අරඹා ඇත්තේ නව ආර්තික සංවර්ධන ගමනද පරිසරය හා ස්වබාවික සමිපත් සම්බන්දව දක්වන ආකල්පය පසක්කරමිනි. පරිසරයට අදාල නව අමාත්‍යංශ වල විශය පතයන්හි පරිසරික නිති ලිහිල්කිරිම සංවර්ධනයේ මුලික උපායමාර්ගික අවශ්‍යතාවක් ලෙස හදුනා ගෙන ඇත.

එබැවින් මෙම ලිබරල් ධනවාදි සංවර්ධන ආකෘතින්හි පවතින පාරිසරික ගට්ටනය අප තේරුම් ගත යුතුවන්නේ සිරිමාවො මැතිනියගේ, ජේ ආර් ජයවර්ධන මහතාගේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ හෝ ගෝටාභය රාජපක්ෂ මහතාගේ ගේ පුද්ගලික් සහැසිකමක් ලෙස නොව ක්‍රමයේ උප්පත්ති දෝසයක් ලෙසය. එබැවින් පරිසර විනාසය හමුවේ පෙලගැහෙන හුදකලා සාකච්ඡා වලින් ඔබ්බට පුලුල් කතිකාවක් ගොඩනැගිමෙන් තොරව තිරසාර විසදුමක් සොයායැම පහසු නොවනු ඇත.

 

Tuesday, June 2, 2020

ගල්කිස්ස වෙරල පිරවුම පිටුපස
--------------------------------------------------
ගල්කිස්ස වෙරළ පිරවිමේ ව්‍යාපෘතිය ආන්දෝලනය පිටුපස සැගවුනු කාරනා බොහොමයක් තිබෙනව.මේ දිනවල නිලදාරින් මාද්‍ය හමු පවත්වමින් උත්සාහ කරන්නේ නිවැරදි කරුවන් බවට පත්වෙන්න.මෙම ව්‍යාපෘතිය අරමුන ලෙස ඔවුන් කියන්නෙ බටහිර වෙරලතිරය වෙරල කාදනය වලක්වගන්න ගැඹුරු මුහුදින් වැලිකැනිම් සිදුකර වෙරල පෝෂනය ( beach nourishment) කරනව කියල.

කැබිනට් අනුමැතිය ගන්නෙත් කලුතර කැලිඩෝ වෙරළ ඇතුලුව මොරටුව අගුලාන ඇතුලු මුහුදුකාදනයට තදින් ලක්වෙන ප්‍රදේශය වෙරල කාදනය වැලැක්විමට.
නමුත් මෙම පිරවුම සිදුකල ගල් කිස්ස වෙරල තිරයේ සිට කොළඹ දෙයට වන ආසන්න කිලොමිටර දෙකක පමන ප්‍රදේශයේ චන්ද්‍රිකා චායාරුප වලට අනුව මෙම කලාපයේ එතරම් සැලකිය යුතු වෙරල කාදනයක් පසුගිය අවුරුදු විස්සක විතර කාලසිමාවෙ සිදුවෙලා නැහැ.

මේ අනුව පැහැදිලි වන්නේ ව්‍යාපෘතියෙ ඇත්ත අරමුන වෙලා තිබුනේ පෝට් සිටි ව්‍යාපෘතියට සමගාමිව ගොඩනැගිමට බලා පොරොත්තුවු සංවාරක හා වානිජ උපාය මාර්ගයන්ට අවශ්‍ය වන පරිදි කෘතිම වෙරලක් ඇති කරගනිමින් වෙරළ බුමිය පලල් කර ගැනිමක් මිස වෙරල කාදනය වැලැක්විම නොවෙයි..

වෙරල තිරයක් කියන්නෙ ස්තිතික තැනක් නොවෙයි. එය කාලානුගත වෙනස්කම් වලට භාජනය වෙමින් ගතික් සමතුලිත තාවයකයි( Dynamic equilibrium) පවතින්න‍ෙ. ඒ නිසා මෙම සමතුලිත තාවයේ වෙනස්කම් ඇතිවු විට ඇතැම් ප්‍රදේශ වෙරල තිරයක් මුහුදු කාදනයට ලක්විම වගේම තවත් තැනක වැලි තැන්පත්වෙමින් වෙරළ වර්දනය විමදකින්නට ලැබෙනව.

අපි ලංකාවෙ බටහිර වෙරල කලාපය සැලකුවොත් එහි මෙම සමතුලිත තාවය පවත්වාගෙන යන්නට මුලිකවන වන සාදක කිහිපයක් තිබෙනව. ඉන් ප්‍රදාන සාදකයක් තමයි නිරිත දිග මොසමට සමගාමිව දිවයිනේ දකුනු වෙරල තිරයේ සිට ඉහලට ගොඩබිමට සමාන්තරව ගමන්කරන දියවැල් ( longshore sediment transport) විසින් ගෙන යන වැලි ප්‍රවාහය.
කලුතරදි කලු ගගෙන් සහ මොදරදි කැලනි ගගෙන් මුහුට ගෙනෙන විශාල වැලි හා අවසාදිත ප්‍රමානයක් මෙම දියවැල් සමග ඉදිරියට ගමන් කර මින් වෙරලේ ඇතැම් ස්තානවල තැන්පත් විම සිදුවෙනව. වෙරලතිරයේ සහ නොගැඹුරු මුහුදේ පවතින භු විශමතාවයන් වගේම ඉදිකිරිම් නිසා ඇතිවන ප්‍රවාහයේ බාදාවන් මෙසේ වැලිතැන්පත් විමට බලපානව. ඒ වගේම මෙම ප්‍රවාහය නිසා ඇතැම් ප්‍රදේශවලින් වැලිඉවත් වෙමින් මුහුදු පතුල ගැබුරු විමද සිදුවෙනව.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සදහා කරන ලද අද්‍යයන වලදි පැහැදිලි වුනේ මෙසේ ගලායන වැලිවලින් වැඩි ප්‍රමානයක් කොළඹට ඉහලින් උස්වැටකේයියාව වෙරල,මිගමුව කලපුව ආශ්‍රිතව නොගැඹුරු මුහුදේ තැන්පත් වන බව.

මෙම සෘතුමය දියවැල්වලට අමතරව වඩ දිය බාදිය ක්‍රියාකාරිතවය සහ වෙරලදෙසට පැමිනෙන මුහුදු රළ Onshore wave sediments. වල ක්‍රියාකාරිත්වය වෙරළේ පැවැත්ම තිරනය කරනව.
මෑත කාලිනව කලුගගේ සහ කැලනිගග ඇතුලු සියලු ගංගාවන්හි සිදුකරන ලද අදික වැලි ගොඩදැම්මි , සහ ගංගා හරහා ජලාශ ඉදිකිරිම ආදිය නිසා ගංගා ඔස්සේ වෙරලට පැමිනෙන වැලි ප්‍රමානය අඩුවිම මෙම වෙරල තිරයේ සමතුලිතයට බලපා තිබෙනව.

මේ සියලු පරිසරික කාරනාවන් සංයුක්තව සැලකිමකින් තොරව වෙරල සංරක්ෂන ක්‍රමවේදයක් සකස්කිරිම සාර්තක වන්නේ නැත.

කෙසේ වෙතත් ගල් කිස්ස වෙරල තිරය ගොඩ කිරිමෙන් අනතුරුව දිනකිහිපයකින් ගොඩ ගසන ලද වැලි සියල්ල පාහේ මුහුදට සේදි යනව. ඒවිට වෙරල සංරක්ෂන දේපාරිතමේන්තුවේ ඉංජිනේරුවරුන් මාද්‍ය හමුපවත්වමින් කියාසිටියේ මෙම ස්තානයට වැලි පිරේව්වෙ එසේ සේදි ගොස් කොළඹ දෙසට වන වෙරළතිරයේ වැලි තැන්පත්විමට ඉඩ සැලැස්විමට බවයි.

නමුත් ඇත්ත වශයෙන්ම වෙරල පෝෂනය ( beach nourishment) ව්‍යාපෘතියකදි වෙරලේ ගොඩගසන ලද වැලි ස්තර වලින් මුහුදට නිරාවරනය වන කලාපය (equilibrium zone) යම් නිශ්ච්ත දුරක් පමනයි නැවත සේදියාමට ඉඩසලස්වන්නෙ. එසේ නොවි සමස්ත වැලි පිරවුමම මුහුදට සේදි යනව නම් එය නිමා නොවන දිර්ගකාලින ව්‍යාපෘතියක් බවට පත්වෙනව. පෙනෙන විදියට ගල්කිස්සේ වෙරලේ පුරවන ලද වැලි ඇතැම් ස්තානවල මුලුමනින්ම සේදිල ගිහිල්ල.

තවත් තර්කයක් ගෙනෙනනව මෙම ගල්කිස්ස වෙරල ගොඩකිරිමෙන් බලා පොරොත්තු වුනේ එම ස්තානයෙන් සේදියන වැලි කොලඹ දෙසට වන මුහුදු වෙරලේ තැන්පත්විමට ඉඩ සැලැස්විමට බව. ඇත්තටම එවැනි ක්‍රමයක් තිබෙනව ඒකට කියන්නෙ sand Engine /Sand motor කියල. මෙම ක්‍රමය යටතේ වෙරලේ අවසාදිත දියවැල් ගලායන ආකාරය පිලිබද සංකිර්න අද්‍යයනයක් සිදුකරල ඒ ඔස්සේ numerical models සංක්‍යමය අකෘති සකස් කරල ඒවාට අනුව සුදුසු ස්තානයක තුඩුවක හැඩයෙන් වැලිපිරවුමත් සිදුකරනව.

ඉන් පසු මෙම වැලි තුඩුව ක්‍රමයේන් සේදි ගොස් දියවැල් ගලායන දිශාවට වෙරල නිර්මානය විම සිදුවෙනව.
කෙස් වෙතත් ගල්කිස්ස හෝටලය අසල මෙම වැලි පිරවුම සිදුකරපු ස්තානය හරියටම පවතින්නේ කුඩා බොක්කක ස්වරුපයට. ඒ නිසා දකුනු දෙසින් බටහිර දෙසට ගොඩබිමට සමාන්තරව ගලායන සාගර ප්‍රවාහයට මේ ස්තානය හොදින් විවෘත වෙන්නෙ නැහැ. ඒ නිසා මෙම ස්තානය තෝරාගැනිම නිවැරදි නැති බවයි බැලු බැල්මටම පෙනෙන්නෙ.

ඒ සියල්ලටම වඩා පරිසර විද්‍යාත්මකව මුහුදු වෙරලක වඩාත් වැදගත්ම කලාපය වෙන්නේ අංතර් උදම් කළාපය. ඒ කියන්නේ වඩදියේදි සහ බාදියේදි ජලමට්ටම වෙනස් වන කලාපය. මේ කලාපයේ පවතින ගල්පර සහිත හුමුද ජෛව විවිධත්වය ඉහල තලාපයක් ලෙසට සලකනව. ගල්කිස්ස වෙරලේ මේ යට කර දමා තිබෙන්නෙ අංතර් උදම් කලාපය intertidal zone. එවැන්නක් කරද්දි මෙම කලාපයේ ජිවත්වු ජෛව ප්‍රජාව පිලිබද විද්‍යත්මක අද්‍යයනයක් සිදුකල යුතුමුත් එවැන්නක් සිදුකර නැහැ.

වරාය නගර ව්‍යාපෘතියේ පාරිසරික කලමනාකරන සැලැස්මට අනුව එහි පිරවුම් කටයුතු සදහා වැලිකැනිම් සිදුකිරිමේදි හදුනාගත් කලාපයේ මුහුදු පතුලේ ආසන්න වශයෙන් මිටරයකට වැඩි අවසාදිත ප්‍රමානයක් ඉතිරිකොට වැලි ලබා ගතයුතු බවට කොන්දෙසියක් පනවා තිබුනා. එමගින් බලාපොරොත්තු වුනේ පතුල ආශ්‍රිත සාගර ජිවින්ගේ පැවැත්මට වන හානිය අවම කිරිම. ඒ වගේම මුහුදු පතුලේ කැනිම් කාලසිමාව තුල turbidity සහ Total suspended solid කියන පරාමිතින් දෙක නොකඩවා පරික්ෂාකිරිමට යෝජිතව තිබුනා.

නමුත් මෙම ව්‍යාපෘතිය සදහා මුහුදු වැලි කැනිම් සිදුකර තිබෙන්නෙ මේ කිසිදු නිර්නායකයක් පිලිබද සැලකිල්ලක් දක්වල නොවෙයි. මේනිසා සිදුවු වැරදි නිවැරදි කරගැනිම විනා තවදුරටත් තර්ක මතින් නිවැරදි කරුවන් විමට නිලදාරින් දරන උත්සාහය පිලිබද අපට කිමට ඇත්තේ ඔබ හාස්‍යයට ලක්විම පිලිබද සිමාව ඔබම තිරනය කරල ලෙසයි

Wednesday, May 27, 2020

බත් පතේ අර්බුදය




වෙලදපලේ සහල් හිගයකි.විශේෂයෙන්ම බහුතරයක් දෙනා අහාරයට ගන්න නාඩු වැනි සහල් වල හිගය දරුනුලෙසම දැනේන්නට ගෙන ඇත. වෙනදි මෙන්ම පාරිබෝගික සේවා අදිකාරිය මහා පරිමාණ මෝල් හිමියන් වෙ ගොස් ඔවුන් සතු සහල් තොග නිදහස්කරනමෙන් ඉල්ලා සිටිමින් සිට. සහල් සහදහා සහතික ම්ළ නියම කලත් වෙලද පල අක්‍රිය කිරිමට මෝල් හිමියන් සහ අතරමැදි වෙලදුන් සමත්වි සිටි.

ජනගහනයෙන් ඉතා වැඩි ප්‍රතිශතයක් තුන්වෙල්ටම ප්‍රදාන ආහාරය ලෙස සහලෙන් තැනු බත් අහරට ගන්නා රටකට වි වගාව තවත් එක කෘෂිවගාවක් හෝ ජිවනෝපාය මාර්ගයක් පමනක්ම නොවෙ. එය සංස්කෘතියේ ම කොටසකි, එමෙන්ම ආහාර සුරක්ෂිතබාවය තහවුරුකර ගැනිමේදි ප්‍රදාන සාදකයක් මෙන්ම වි වගාව ජීවනෝපාය කරගත් පනස් ලක්ෂයකට ආසන්න ප්‍රරජාවගේ ජිවන මාර්ගයයි.

 එසේ නමුත් අදටත් අප රටක් ලෙස ජනයාගේ පාරිබෝංනයට ප්‍රමානවත්ලෙස සහල් නිපදවා ගැනිමට අසමත් වි ඇති අතරම ලබාගත් වී අස්වැන්න පවා පුරවැසියාගේ පාරිබෝංනයට රිසි ලෙස සාදාරන මිලගන්න් යටතේ වසරපුරා වෙලදපල තුල පවත්වාගෙන යාමට අසමත්ව සිටි. එමෙන්ම වි වගාව ජිවනෝපාය කරගත්  ජනගහනයෙන් 30% කට ආසන්න ප්‍රජාවගේ ජීවිත මේ අරබුදය මත ගිලි ඇති. එබැවන් මෙම අර්බුදයේ අක්මුල් සොයා බලා විසදුමකට පැමිනිම ජාතිය හමුවේ ඇති එක් අබියෝගයකි.

පැරනි වාරි පද්දතිය ආශ්‍රිත වි වගාව සහ යැපුම් කෘෂිකර්මය මගින් පාරිබෝජන අවශ්‍යතාව සපුරාගනිමින් ජිවත්වු ජන සමාජයේ  විසිවන සියවසේ මැදබාගය වන විට යම් ක්‍රමික වෙනස්විම් දහරාවකට මුහුන දිමට පටන්ගෙන තිනිබි.ලොවපුරා ධනවාදය ව්‍යයප්තතවෙමින් කාර්මික සමාජය ස්තාපිතවිමට සමගාමිව වෙලදාම පුලුල්විම, ජනගහන වර්දනය ඉහල යැම වගේම පාරිබෝජන රටාවන් වෙනස් විම ඔස්සේ ජිවන රටාවන් වෙනස්විම මේ අතර කැපිපෙනෙනි.

මෙම සංද්රබය තුල සහල් ඇතුලු අහාර නිශ්පාදනය ඉහල නැංවිම මෙන්ම පාරිබෝංන අවශ්‍යතාව සපුරාලිමට අවශ්‍ය අවස්තාවලදි ආහාරද්‍රව්‍ය ආනයනය සදහා ආන්ඩු ක්‍රියාකලේය.නිදහසින් පසු ඇරඹි ගල්ඔය හා අල්ල කන්තලේ ගොවිජනපද ව්‍යාපාරයේ සිට බහුකාර්ය කඩිනම් මහවැලි ව්‍යාපාරය දක්වාවු මහාපරිමාන වාරි ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් රටට අවහ්‍ය සහල් අවශ්‍යතාව පිරිමසා ගැනිමට උත්සාහයන් හි නිරතවිය. එමෙන්ම චිනය සමග පැවති රබර් සහල් ගිවිසුම ආදියද මගින් උත්සාහ ගනු ලැබුවේ සහල් හිගය පියවාගැනිමයි.

මේවායේ ප්‍රතිපලය ලෙස 1950 වන විට හෙක්ටයාර ලක්ෂ තුනක් වු අස්වද්දන ලද කුඹුරු ඉඩම් ප්‍රමානය 2015 වසර වන විට හෙක්ටයාර අටලක්සයක් දක්වා ඉහල නැංවි තිබිනි. එමෙන්ම වි වගාවෙ කෘෂි තාක්ෂනික බාවිතාවන් ඉහලයැම කෘෂිරසායනික ද්‍රව්‍ය හා වැඩිදියුනු කරන ලද බිජ බාවිතය තුලින් ඒකක බුමි ප්‍රමානයකින් ලබන වි අස්වැන්න 1950 දි පැවති හෙක්ටයාරයට කිලෝ ගරැම් එක්දහස් හයසිය (අක්කරයට බුසල් 30)  වෙනුවට 2015 වන විට හෙක්ටයාරයට කිලෝග්රැම් හාරදහස් හාරසියක් (අක්කරයට බුසල් 80)  දක්වා ඉහල ගොස් තිබිනි. 
මේ සමස්තයේ ප්‍රතිපලය ලෙස 1950 වර්ෂයට සාපේක්ෂව 2015 වන විට සමස්ත විනිශ්පාදිතය 6 ගුනයකින් ඉහල ගොස් ඇත.එසේ නමුදු රටක් ලෙස අප තවමත් වාර්ෂික සහල් අවශ්‍යතාව සපුරාගානිමට අසමත්ව ඇති අතරම වි වගාව ජිවනෝපාය කරගත් ජනයාගේ ජීවන තත්වය පවතින්නේද අර්බුදකාරි තත්වයකය.එමෙන්ම වසරේ එක් කාලසිමාවක වෙලදපල තුල ගොඩ නැගෙන කෘතිම සහල් හිගය සහ මිළ ඉහලයැම් විසින් පාරිබෝගික ජනයා මත ඇති තරනු ලබන පිඩනය ඉමහත්ය.

මෙම අර්බුදයට හේතුමුලවු කාරනාවන් කිහිපයකි. මුලික වශයෙන්ම වි වගාවේ ආර්තිකමය පැතිකඩ සැලකුවිට විවගාව සදහා බාවිතවන යෙදවුම් වල පිරිවැය දිනේන් දින ඉහලයැම, සාපේක්ෂව වැඩි මිනිස් ශ්‍රමයක් බාවිතවිම ආදිය හේතුවෙන් නිශ්පාදන පිරිවැය ඉහල අගයකට පත්ව ඇත.  එසේ නමුදු වි කිලොවක් සදහා ලැබෙන වෙලද පලවටිනාකම හා සැසදිමේදි වගාකරුවා ලබන ආර්තිකමය වාසිය පවතින්නේ ඉතා පහලමට්ටමකය. 

වි සහල් බවට පත්වන ක්‍රියාවලිය තුල අතරමැදියන් අත්පත්කරගන්නා ලාබ පංගුව අතිමහත්ය. නිශ්පාදකයාට ලාබදායි වන අයුරින් වි මිළ ඉහල යැමට සැලැස්වුව හොත් එය පෙරලා මිළියන විසි එකකට ආසාන්න සහල් ප්‍රදාන ආහාරය කරගත් පාරිබෝගික ජනයාගෙන් බහුතරයක් මත ඇති කරනුයේ දැරිය නොහැකි පිඩනයකි.
  
වී වගාව ඇතුලු බොහෝ ධාන්‍ය වගාවන්හි නිශ්පාදන පිරිවැය අඩු කරගැනිම සදහා වඩාත් හිතකර ක්‍රමවේදය වනුයේ කුඩා කුඹුරු ඉඩම් වෙන වෙනම වගා කිරිම වෙුනවට සාපේක්ෂව වැඩි බුමි ප්‍රමානයක් එකවර වගා කිරිමය. එවිට බිමි සැකසිම හා අස්වනු නෙලිම ආදියට බොහොවිට යන්ත්‍ර සුත්‍ර බාවිත කල හැකිවන අතර ඉතිවිශාල බුමි පුදේශයක් සදහා එම යෙදවුම් එකවර බාවිතකිරිමේදි ඒකක බුමි ප්‍රමානයකට වැය කල යුතු පිරිවැය අඩුවිම සිදුවේ. එමෙන්ම පලිබෝද පාලනය හා ජල කලමනාකරනය ආදියද වඩාත් කාර්යක්ෂම විමට එය බලපායි.

සමාජවාදි ලෝකය සමුහ ගොවි පල ක්‍රමය හදුන්වා දුන්නේද  ධනවාදය බහුජාතික සමාගම් යටතේ මහාපරිමාන වානිජ කෘෂිකර්මය හදුන්වාදෙන්නේද මෙම එකම ගැටලුවට වෙනස් විසදුම් දෙකක් ලෙසය.
ධනවාදය යටතේ මහාපරිමාන වානිජ කෘෂිකර්මය තුලදි විශාල ප්‍රාග්දනයක් වැය කල හැකි සමාගම් විසින් ගොවින්ගේ ඉඩම් මිළදිගෙන යන්ත්‍රසුත්‍ර හා තාක්ෂනය බාවිත කරමින් විශාල ප්‍රදේශයක් වගාකිරිම සිදුකරයි. මෙහිදි බොහෝවිට ඉඩම් හිමියාට සමාගම යටතේ වැටුප් ලබන කම්කරුවකුලෙස සේවය සපයා වැටුපක් ලබා ගැනිමට හැකියාව ලැබේ.වගාවෙි අස්වනු වල ගුනාතිමක බාවය තහවුරුවන අතර වෙලදපල සොයාගානිම සමාගමේ අලෙවිකරන ජාලයන් විසින් සිදුකරයි. මෙහිදි ස්තිරසාර ලාබයක් ලැබෙන අතර එම ලාබයේ තනි අයිතිකරුවනුයේ සමාගමයි.

පසුගිය සමයේ කරලියට පැමිනි MCC ගිවිසුම ආදිය මගින් යෝජනාවුයේ මෙම බහුජාතික සමාගම් ඔස්සේ සිදුකරන මහා පරිමාන කෘෂි කර්මය. කෙසේ වෙතත් මෙම ක්‍රමය බාවිතා වුයේ බොහෝවිට අප්‍රිකානු,ලතින් ඇමරිකාව කලාපවල සම්ප්‍රදායික ගොවියන්ගේ ඉඩම් අත්පත් කරගනිම්න් ගොවියන් කම්කරුවන් බවට පත්කොට මහාපරිමාන සමාගම් යෝද ලාබයක් උපයා ගැනිම සදහාය.

සමාජවාදි සමුහ ගොවිපල ක්‍රමයේදි තම තමන්ගේ පුද්ගිලික ඉඩම් සමුහු ගොවිපලට එකතුකොට ගොවි සබාවක් විසින් සැලසුම් කොට සාමුහික යායක් ලෙස වගා කිරිම සිදුකෙරෙනව. මෙහිදි ලැබෙන අස්වැන්නේ ප්‍රතිලාබය සියලුදෙනා අතර සාදාරනව බෙදියන අතර යම් කොටසක් සමුහ ගොවිපලෙහි යන්ත්‍ර සුත්‍ර හා යෙදවුම් මිලදිගැනිමට වෙන් කරන අතර එම යන්ත්‍ර සුත්‍ර හා යෙදවුම් පෙරලා ඊලග කන්නයේ සිට වගාවේ කටයුතු සදහා සාමුහිකව බාවිතවේ.

අප රටේද මහවැලි ඉඩම් ඇතුලු බොහොමයක් ගොවි ජනපදවල මේවන විට වගාවේ නිරතවන්නේ මුල්හිමිකරුව්නගේ තුන්වන හෝ හතරවන පරම් පරාවයි. එබැවින් කැබලි වෙමින් ගිය මුල් කුඹුරු ඉඩම් වල  දැන් එක් පුද්ගලයකු සතු බුමි ප්‍රමානය බොහෝවිට හෙක්ටයාරයකට වඩා අඩුය.එවිට මුල්ක යෙදවුම් සදහාවන පිරිවැය ඉතා ඉහල අගයකට පත්වේ.

මෙම පසුබිම තුල අප අපරටර අනන්‍යවු සාමුහික වගාක්‍රමයක් වෙත පිවිසිම යුගයේ අවශ්‍ය තාවයකි.මෙවනවිටත් වි වගාව තුල ජලකලමනා කරනයට ඇලවෙලි සුද්ද පවිත්‍රකරගැනිමට දක්වන සාමුහික සහබාගිත්වය, ඇතැම් ප්‍රදේශවල අස්වනු නෙලිමේ යන්ත්‍ර ගොවිසංවිදාන මට්ටමින් පොදුවේ කන්නයක් සදහා බදුපදනමින් බාවිත කිරිම ආදාය තුලින් ගම්‍ය වන්නේ සාමුහික වගා ක්‍රමයක් සදහා ගොවිජනයා අතර විබවයක් පවතින බවයි.

අස්වැන්න අලෙවිකර ගැනිම  හා ආදායම.

වී වගාව සදහා යොදවන මිනිශ්‍රමය වාරිජලය මෙන්ම කෘෂි රසායනික හේතුවෙන් සිදුවන පාරිසරික බලපැම් ආදිය සංයුක්තව සැලකුව හොත් වි වගාවේ ශුද්ධලාබය පවතින්නේ ඉතා පහල අගයකය. එසේනමුදු දළ වශයෙන් ගොවි පවුල් 879,000 ක් වී වගාව මත යැපෙන අතර එය රටේ මුළු ජනගහනයෙන් 20%ක් මෙන්ම ජාතික රැකියා නියුක්තියෙන් 32% කි. එමෙන්ම ආහාර සුරක්ෂිත තාව සම්බන්දයෙන් සැලකුවිට සහල්/බත් ප්‍රදාන ආහාරය වුරටක මෙට්‍රික් ටොන් පන්ලක්ෂයකට ආසන්න අස්වැන්නක මගින් ලබා දෙන පිටුබලය නොසැලකිය හැක්කක් නොවේ.

මෙම තත්වය තුල වි මිල මෙන්ම සහල් මිල වෙලද පල වුවමනාවන්ට රිසිසේ හැසිරවිමට ඉඩතැබුව හොත් සිදුවනුයේ වගාකරුවන් මෙන්ම පාරිබෝගිකයාද නොවිසදිය හැකි අර්බුදයකට තල්ලුවියැම පමනි.  ජයවර්දන පාලනයේ ආර්තික ප්‍රත්පත්තිමත වි සහල් බවට පත්කිරිමේ යාන්ත්‍රනය මෙන්ම සහල් ගබඩා කොට සාදාරන ලෙස වෙලදපට මුදා හැරිමේ ක්‍රමවේදය ඊනියා නිදහස් වෙලදපලට රිසිසේ සිදුවිමට ඉඩහැරිම තුලින් සිදුවුයේ මෙම කර්මාන්තය මහා පරිමාන ජාවාරම් කරුවන් කිහිපදෙනෙකුගේ මාපියිවක් වබට විමය.
නිදහසෙන් පසු හැත්තැව දශකයේ අගභාගය දක්වා වි මිලදිගැනිමේ කාර්ය ගොවිංන සේවා දෙපාර්තමේනුතුවේ මැදිහත්විමෙන් සිදුවු අතර 1977 දී ආර්ථික ලිහිල්කරණ ප්‍රතිපත්ති හඳුන්වාදීමත් සමගින් වී/සහල් අලෙවිකිරීමේ රජයේ කාර්ය භාරය වෙනසකට ලක් වුණි. වී අලෙවි මණ්ඩල පනතට 1978 වසරේදී සිදුකළ සං‍‍ශෝධනයක් මගින් තරඟකාරි පදනමක් යටතේ සහල් වෙළඳාමට සම්බන්ධ වීමට පුද්ගලික අංශයට ඉඩ දෙන ලදී. එමගින් ඇතිවූ දැඩි තරඟකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස, වී මිලයට ගැනීමේ රජයේ වෙළඳපොළ කොටස විශාල ලෙස පහත වැටුණි.

 වන්දි ගෙවා සේවකයන් 2,560 දෙනෙකුගේ සේවය අත්හිටුවීම හේතුවෙන් ඇති වූ උග්‍ර සේවක හිඟය හමුවේ 1990 දී වී අලෙවි මණ්ඩලය අකර්මණ්‍ය විය. වී අලෙවි මණ්ඩලය අහෝසි කිරීම සඳහා 2000 අප්‍රේල් මාසයේදී ‍යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. වි අලෙවි මන්ඩලය සතුව තිබු මහාපරිමාන විගබඩාවන් දේශලාඥයන්ගේ අනසකට ලක්ව සොච්චමට විකුනා දැමු අතර ඇතැම් ඒවායේ ඇගලුම් කම් හල් පොලිසි ආදිය ස්තාපිත විය.

මෙම තත්වයෙන් උපරිමවාසි ලබාගනිමින් ගොව්න්ගෙන් වි මිලදි ගනිමින් විශාල වී තොග රැස් කොට වි සහල් බවට පත්කර වැඩි මිලකට විකිනිමේ මහාපරිමාන ව්‍යාපාර කිහිපයක් ඇරඹිනි. මේ වා දේශපාලඥයින් හා ඔවුන්ගේ අනුග්‍රාහය ලබන ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන අතර රටේ වි මිළ සහල් මිල හා වෙලද පල තිරනය කිරිමේ තිරක සාදකය බවට මොවුන් කිහිපදෙනා පත්ව ඇත.

අස්වනු නෙලන සමයේ වි ගොවියා පෙලෙන ආර්තික අපහසුතා සහ ණය බර දඩමිමාකරගනිමින් වහ වහා වි මිලදිගෙන දැවැන්ත වි තොග සංච්ත කරගන්නා මොවුන් වෙලද පල තුල ඇතැම් කාලවල කෘතිම සහල් හිගයක් ඇති කොට නිර්ලජ්ජිත සුරාකැමක් සිදුකරමින් සිටි.
මෙම පසුබිම මත වි ගොවියාත් පාරිබොගිකයාත් සුරක්ෂිතවන පරිදි වෙලදපල යාන්ත්‍රනය පාලනයට නතු කරගැනිම සදහා රජයේ මැදිහත්විම අත්‍යාවශ්‍යවේ.

2007 වසරේදි වී අලෙවි මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර 2007.07.25 දින එය අනුමත කරන ලදී. නව අධ්‍යක්ෂ මණ්ඩලය 2007.09.01 දින පත් කරනු ලැබූ අතර යළි ස්ථාපිත කරනු ලැබූ වී අලෙවි මණ්ඩලයේ පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2008.01.09 දින පවත්වන්නට යෙදුණි. ඒ අනුව 2008 යල කන්නයේ සිට වී අලෙවි මණ්ඩලය වී මිලයට ගැනීමේ කටයුතු යළි ඇරඹීය.

එසේ නමුදු අදවන විටත් රජය මගින් මිලදි ගනු ලබන සමස්ත වි ප්‍රමානය මුලු නිශ්පාදිතයෙන් සුලු කොටසක් බැවින් වෙලදපල මිළ උච්චාවචනයන් මෙන්ම මාපියාවන් පාලනයට ප්‍රමානවත් වි නැත. මෙයට බලපාන සාදක කිහිපයකි. ඒ අතර වී අලෙවි මණ්ඩලයඅකර්මන්‍ය කර තිබු අවදියේ ගබඩා විනාශ විම මත ගබඩා පසුහුක්ම නොමැති විම , තෙතමනය වැඩි වී මිළදිගෙන වියලා සකස්කිරිමට ප්‍රමානවත් සේවක පිරිසක් හා පිරිවැය දැරිමේ හැකියාවක් නොමැතිවිම, ග්‍රාමිය මට්ටමට විහිදුනු කාරියක්ෂම මිළදිගැනිමේ යාන්ත්‍රනයක් නොමැතිවිම ආදියයි.

මෙම සංදර්බය තුල සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් වී අලෙවි මණ්ඩලයේ සහ රජය වි මිලදිගැනිම හා බෙදා හැරිමේ යාන්ත්‍රනයේ යුගයට ගැලපෙන දියුනු ව්‍යුහිය ප්‍රතිසංස්කරනයක් සිදුනොකර මෙම අබියෝගය ජයගැනිම පහසු නොවේ.

එහිදි ගොවිජනසේවා දෙපාර්තමේනුතුව, වී අලෙවි මන්ඩලය, ගොවිසංවිදාන, සමුපකාර, සතොස සහ තොග වෙලද සැල්, කුඩා හා මද්‍ය පරිමාන වි මෝලි හිමියන්, සහල බෙදා හැරිමේ සේවා වන් සැපයිය හැකි නව ව්‍යවසායකයින් හා සංවිදාන ඇතුලත්වන ඒකාබද්ද යාන්ත්‍රනයක් සකස් කර ගැනිම ප්‍රමුක කාර්ය වියයුතුය. එමෙන්ම රජයේ ස්තාවර වි මිළදිගැනිම් සදහා අරමුදලක් සකස්කොට මිලදි ගැනිම් දාරිතාව ප්‍රමානාත්මකව ඉහල නැංවිමත් වෙලද පල අවශ්‍යතාවයන් පිලිබද විදිමත් තොරතුරු ජාලයක් මෙහෙය විමට තොරතුරුතාක්ෂනය බාවිතයට ගැනිම වැදගත්වේ.

ඒක දේශික ශාකයක් වදවිම තුලින් ඇතිවන පාරිසරික අගතිය...

  දේවානි මහත්මිය ඇතුලු මහපොලවට ගහවැලට ලැදි මිනිසුන් පසුගිය දින කිහිපයේ crudia zeylanica   ගස රැකගැනිමට සිදුකල අරගලයේදි “ දරට” පමනක් ගත හැකි ...