පසුගිය සතියේ දිනක අපගේ ඉන්දියානු
ජාතික හිතවතෙකු සමග සුහද කතාබහක නිරතවන අතරෙ ඔහු තරමක් විවාදාත්මක අදහසක් ඉදිරිපත්
කලා. ඔහු කිවෙ “ කොරෝනා වලට මම ගොඩක් බයයි, මොකද මම ආර්ය
වෛශ්‍ය කුලයේ කෙනෙක් අපේ අය තමයි කොරෝනාවලින් වැඩිපුරම මැරෙන්නෙ”. ඒ කතාව ඇතුලෙ කුමක්හෝ
සමාජ විද්‍යාත්මක පසුබිමක් ඇතැයි සිතුනු නිසාම අපි කතාබහ ඉදිරියටම ගියා. නමුත් ඔහු
කියන විදියට ඒ දිර්ඝ මාතෘකාව හුදෙක් කුලය පිළිබදව වන සමාජ විද්‍යාත්මක සිමාවෙන්
ඔබ්බට යන කුලය සම්බන්ද ජිව විද්‍යාත්මක කාරනාවක්.
ජාති,කුල, ආගම් ආදි බෙදිම් මිනිසා
විසින් අතිකරගත් සංස්කෘතික බෙදිම් මිස සැබැ ජීව විද්‍යාත්මක බෙදිමක් නොවන බවයි
නුතනත්වයේ අප කාගේත් පොදු විශ්වාසය. නමුත් සමාජ ව්‍යුහයේ දිර්ඝ කාලයක් මෙම පදනම
පැවතිම නිසා ඇතැම් කුල වලට අයත් ජනකොටස් වල ශරිරයේ ජෛව විද්‍යාත්මක වෙනස් කම් පවා ඇතිවි
තිබෙනවා.
දකුනු ඉන්දියාවෙ ඇතැම් ප්‍රදේශ වල රෝහලකට
සැත්කමක් සදහා ඇතුලුවන රෝගින් ලියාපදිංච් කරගැනිමේදි ඔවුන්ගේ කුලය වෛද්‍යවරයා
විසින් විමසනව. මේයට යම් පදනමක් තිබෙනව. එනම් දකුනු ඉන්දියාවෙ වෙසෙන ආර්ය වෛශ්‍ය
කුලයේ ජනයාට Scoline හෙවත් Suxamethonium
Chloride නැමති නිර්වින්දන
ඖෂදය ආසාත්මික තාවයන් සහ සංකුලතා ඇතිකරන බව වෛද්‍යවරු හදුනාගෙන තිබෙනව.
මෙම
ඖෂධය බාවිත වන්නේ නිර්වින්දනය අතරතුර මාංශ පේශි ලිහිල් කිරීම
සඳහා කෙටි ක්‍රියාකාරී ස්නායු මාංශ පේශි අවහිර කිරීමේ කාරකය ක්
විදියට. නමුත් මෙම ඖෂදය ටික වෙලාවකට පසු මිනිස් සිරුරේ පවතින එන්සයිමයක් මගින් වියෝජනයට
ලක්කරන නිසා සැත්කම අවසන්වු පසු ක්‍රමයෙන් රෝගියාගේ පේශි නැවත යතාතත්වයට පත්වන
බවයි වෛද්‍ය විද්‍යා පොත පතේ සදහන් වන්නෙ.
කෙසේ වෙතත් මේ සදහා වැදගත් වන විශේෂිත
එන්සයිමය ආර්ය වෛශ්‍ය
කුලයේ ජනයාගේ
සිරුරේ නැහැ. එසේ නැතිනම් පවතින්නේ ඉතා දුර්වල ක්‍රියාකාරිතවයක. මේ හේතුවෙන් ආර්ය වෛශ්‍ය
ජනයාට Scolin
එන්නත ලබාදුන්විට සැත්කමකින් අනතුරුව
රෝගියා දරුනු සංකුලතාවයකට ලක්විම හෝ මිය යැම වුවත් සිදුවන බවයි ඉන්දිය වෛද්‍යවරු
පවසන්නේ.
මේ ආකාරයට කුලය වැනි සංස්කෘතික බෙදිමක
ඇතුලේ ජෛව විද්‍යාත්මක වෙනසක් ඇතිවුනේ කොහොදමද? මේක විසදගන්න මගේ මතකයට ආපු අදහස
අපි පරිසර විද්‍යාවෙදි කතා කරන Species
Isolation Mechanism හෙවත් විශේෂ විසංගමන යාන්ත්‍රනය.
මේක සිදුවුනේ සරලවම කිවොත් මෙහෙමයි. පරිසර
පද්දතියක එකම විශේෂයක සතුන් අතර යම්
පිරිසක් කිසියම් බාහිර බලපැමක් හේතුවෙන් හුදකලාවිමක් සිදුවුනොත් ( අලුතින් ඇතිවු
දියපහරක්, අදිවෙගි මාර්ගයක්, නායයාමක් වැනි ස්වභාවික බාදකයකින්) එම කංඩායම් දෙක
අතර අංතරාභිජනනය( ලිංගික සබදතා) ඇතිවිම
භාදා වෙනව.
මේ නිසා ලිංගික සබදා සිදුවන්නේ
එක්පසකට කොටුවු පිරිස අතර පමනයි මේ තත්වය දිර්ගකාලයක් පැවතිම මත ඔවුන්ගේ ජාන
මුහුවිම වලකිනවා. මෙහි ප්‍රතිපලය වන්නේ කුඩාවු කංඩායම ප්‍රවේනික රෝග වලට ලක්වි
නශ්ඨ වියාම හෝ කංඩායම් දෙක මුලුමනින්ම වෙනස්
සත්ව විශේෂ දෙකක් බවට පත්වීමයි.
සෲග් වේදය පදනම්වු පැරණි බාරතිය කුල පදනම මත ආර්ය වෛශ්‍ය කුලයේ සමාජමය කාර්යබාරය වුයේ වෙලදාම. ඒ නිසාවෙන් මෙම කුලයට බොහොවිට අයත්වුනේ සිටුවරුන්ය.මොවුන් කුල ගෙෘරවයත් වත් කම් අන්සතුවිම වලක්වාගැනිමටත් තම කුලයෙන් පරිභාහිරව විවාහ සිදුනොකර ගනිමින් සිමිත පිරිසක් අතරට පමනක් විවාහයන් සිමාකර ගෙන තිබෙනව.
ඒ නිසා වසර තුන්දහසක් පමන කාලයක් පැවත ඇත්තේද වාසගම්
කිහිපයකට අයත් පිරිසක් පමනි. ඒ අතර( Setty, Chetty, Chetti, Chettiar,
Gupta, Rao and Sreshty.) සෙට්ටි,චෙට්ටි,චෙට්ටියාර්,රාවෝ,ගුප්ත
ආදි පෙළපත් ප්‍රමුඛ වෙනව.
මොවුන්
කුලය තුල පමනක් විවාහ සිදු කරගැනිම කොතරම් දුරට සලකා බලා ඇත්ත
යන්න සැලකුව හොත් ඔවුන්ගේ පරපුර තුල පියාගේ සහෝදරිය සමග විවාහ විමට පිරිමින්ට ඉඩ
තිබෙන නමුත් වෙනත් කුලයකින් විවාහ විම කුලයෙන් නෙරපා හැරිමටත් පරම්පරාවේ වත්කම් වල
හිමිකාරිතවය මුලුමනින්ම අහිමි විමටත් හේතුවක් වන බවයි මුලාශ්‍ර සදහන් කරන්නේ.
මේ ආකාරයෙන් ආර්ය වෛශ්‍ය මහා ගෙෘරවනිය පිරිසිදු
කුල පැවැත්ම ඔවුන්ට අවසාන වශයෙන් හිමිකර දි තිබෙන්නේ අඩු ප්‍රතිශක්තිකරනයක් සහිත,
දරුවන් ලැබිමේ හැකියාව හෙවත් සරුභාවය සාපේක්ෂව අඩු අසාත්මික තාවන්ට ගොදුරුවන ප්‍රජාවක්
බවට පත්විම කෙතරම් නම් අභාග්‍යක්ද.
සැබැවින්ම මානව සමාජයේ නිරෝගි මෙන්ම
වඩාත් බුද්ධිමත් ජනකොට්ටාසවල ප්‍රවේනික පදනමට මුලික හේතුව ලෙස විද්‍යාඥයින් හදුනා
ගන්නේ ඔවුන්ගේ ජාන කිතුව තුල ආගන්තුක ජාන මුහුවි ඇති ප්‍රමානයයි. එයට එක්
උදාහරනයක් වන්නේ යුදෙව්වන්. වාස භුමියක් නොමැතිව අවුරුදු දහස්ගනනක් ලොව පුරා ඇවිදගිය
යුදෙව් ඩයස්පොරාව බොහෝ ජනවර්ග සමග මුහුවිම
මත ඔවුන් සෞඛ්‍ය සම්පන්න මෙන්ම බුද්ධිමත් ජනවර්ගයක් බවට පත්ව තිබෙනව.
මේ අතර අලුත්ම ශාක්ෂිය විදියට කොරෝනා
වසංගතය ව්‍යාප්ත විම සමග ඉන්දියාවේ මියගිය පිරිස් අතර බහුතරය ආර්ය වෛශ්‍ය
යන් බව අපේ මිත්‍රය
පවසනව. ඒ පිලිබද නිවැරදි සංක්‍යාලේකන අංතර්ජාලයේ සොයාගැනිමට නොලැබුනත් මේ පිළිබදව
ලියවුනු ඉන්දියානු සගරා ලිපි කිහිපයක් කියවු විට මා ගේ හැගිම වුවේද ඔහුගේ පුද්ගලික
අත්දැකිම බොහෝදුරට නිවැරදි විය හැකි බවයි.
-කපිල මහේෂ් රාජපක්ෂ-
Read more at:
http://timesofindia.indiatimes.com/articleshow/1823598.cms?utm_source=contentofinterest&utm_medium=text&utm_campaign=cppst
