Saturday, November 7, 2020

හදිසියේ පැමිනි තල්මසුන් සහ සත්ව ලෝකයේ සංනිවේදන රහස්..

 පසුගිය දිනක හදිසියේම පානදුර වෙරලට ගසාගෙන ආ මධ්‍යම පරිමානයේ නියමු තල්මසුන් රෑනක බොහෝදෙනෙකුගේ දිවිබේරා නැවත දියඹට මුදාහැරීමට ඒහි රැස්වුනු අසල්වාසි පිරිස් සමත්විම මනුෂ්‍යත්වයේ ගුණ ඉස්මතුකල අනගි අවස්තාවක් විය. මේ අවස්ථාවට ස්වේච්ඡාවෙන් සහභාගිවු පිරිස අතර අසල්වාසින් සත්ව සංරක්ෂකයින් මෙන්ම ලංකාවෙන් බිහිවු කිර්තිමත් සාගර ජිව විද්‍යාඥවරියක් වන ආචාර්ය අශාඩෙවෝස්ද විය.

කෙසේ වෙතත් මෙම සිදුවිම මෙම සාගරකලාපයේ සිදුකල යම් ආකාරයක යුධ අභ්‍යසයකදි භාවිතවු විද්‍යුත් චුම්බක තරංග වල බලපැම මත සිදුවු බවට මතයක්ද පලවු නමුත් ආචාර්ය අශාඩෙවෝස්ගේ අදහස වුයේ කංඩායම් වාසිව ජිවත්වන මෙම සත්වයින් සාගර දිය රැලි වලට හසුවිම මත පිරිස් ලෙස වෙරලට කඩිවදින බවයි.

ලොව පුරා හදිසියේම සිදුවන මෙවැනි තල්මසුන් වෙරළට කඩා වැදිම් පිලිබද පර්යේෂන සිදුකරන සාගර ජීව විද්‍යාඥයින් හදුනාගෙන ඇති පරිදි තල්මසුන් වැනි සාඝරවාසි ක්ෂිරපායින්(Cetaceans)  දිර්ඝ සංචරනයන් වලදි මාර්ගය සොයැගැනිම සදහා පෘථිවි චුම්බක කෂේත්‍රය කෙරෙහි දක්වන සංවේදි තාව උපයෝගි කර ගන්න බවයි. සරලවම කිවහොත් නාවිකයින් චුම්බක මාලිමාවකින් දිශාව සොයාගන්න ආකාරයට මෙම සත්වයින්ට දේහය තුල පවතින චුම්බක සංවේදි ස්නායු සෛල මගින් දිශාව නිර්නය කරගැනිමට අපුරු හැකියාවක් පවති. මෙම සෛල තුල ඇති  අයන් ඔක්ෂයිඩ් (Iron oxide) වැනි ලෝහමය රසායනිකයන් චුම්භක කේෂ්ත්‍රයට සංවේදි වෙමින් ස්නායු සෛල තුල යම් ආකාරයක ආවේගයක් ජනනය කරන අතර ඒය මගින් මුහුදු පතුල ඔස්සේ බොහෝ දුර සංචරනයට මාවත සොයාගනි. වෙරල තිරයේ සිදුවන පථිවි චුම්භක කේෂ්ත්‍රයේ හදිසි වෙනස් කම් (Geo magnetic anomalies )ඇතැම් විට මොවුන්ගේ ගමන් මග මංපැහැරිමකට ලක්කරන බව විද්‍යාඥ මතයයි. මෙය ස්වභාවිකව හෝ කෘතිමවද සිදුවිය හැකිය.

 මෙයට අමතරව ඇතැම් විද්‍යුත් චුම්බක තරංග පරාසයන්ටද මොවුන් සංවේදිතාවක් පෙන්වයි.මෙබැවින් යුධ අභ්‍යසහො නාවුක කටයුතුවලදි බාවිතවන උපකරන මගින් නිකුත්කරන අතිධ්වනි (Ultrasound/Supersonic waves), රේඩාර් වැනි  විද්‍යුත් චුම්බක තරංග මගින් තල්මසුන් වැනි සාඝරවාසි ක්ෂිරපායින්(Cetaceans) ගේ දිශාව සොයාගැනිමේ හැකියාවට අවුල්සහගත විමට හැකියාවක් පවති. නමුත් මෙම සිදුවිම නිශ්චිතවශයෙන් ඒක් මානව ක්‍රියාකාරකමක් නිසාම සිදුවුවාද යන්න තහවුරු කල නොහැකිවන්නේ ඇතැම් ස්වභාවික සංසිද්ධින් ද මේ සදහා බලපැම් කරන බැවීනි.

උදාහරනයක් ලෙස සුර්යාගෙන් නිකුත්වන සුර්ය සුලං (Solar winds) අතිවිශාල විද්‍යුත් ආරෝපන ප්‍රරමානයක් රැගෙන යන අතර ඒ්වායේ යම් ආරෝපන ප්‍රවහයක් පෘථිවි වායුගෝලයට සමිපවු විට පථිවි චුම්භක කේෂ්ත්‍රයේ හදිසි වෙනස් කම් (Geo magnetic anomalies ) සිදුවන බව නිරික්ෂනය කර ඇත. මෙවැනි අවස්ථාවලදි චුම්බක කේෂේත්‍රය මගින් මාවත සොයාගෙන බොහෝ දුර සැරිසරන සත්වයින්ට මෙවැනිම ආපදාවන්ට මුහුන දිමට සිදුවන අවස්තා නිරිත්ෂනය කර තිබේ.

මෙම සිදුවිම සමග ගොඩනැගෙන කතිකාව තුලින් සත්ව ලෝකය හා පාරිසරික සම්බන්දතාවයන් පිලිබද තවත් මානයක සාකච්ඡාවකට අප කැදවාගෙන යනු ඇත. ඒනම් සමස්ත ජෛව ගෝලයේ බලධාරින් ලෙස ඊගෝවක වෙසෙමින් පරිසරය අත්තනෝමතිකව වෙනස් කරන මිනිසා අන් සත්වයින්ගේ හැකියාවන් හා අයිතින් අවතක්සේරුවකට ලක්කලද සැබැවින්ම මිනිසා සතුව නොමැති විශ්මිත සංවේදන පරාසයක් ඇතැම් සත්වයින් තුල පවතින බව සත්ව විද්‍යඥයින් හදුනාගෙන ඇත. ඒ් අර්තයෙන් ගත් කල අප දකින්නේත්  විදින්නේත් සොබාවික ලෝකයේ චමත්කාරයෙන් කොටසක් පමනකි.

තල්මසුන් වැනි සාඝරවාසි ක්ෂිරපායින්(Cetaceans) ට අමතරව මහද්විප පසුකරමින් පියාසරන සංක්‍රමනික පක්ෂින්ටද චුම්බක සංවේදි මාලිමාවන් ඔවුන්ගේ දේහ තුලම පවතින අතර ඒමගින් සාගර තරනය කරමින් සැතපුම් දහස්ගනනක් ඇත ඝර්ම කලාපිය රටකට පැමින සිසිරය ගෙවා දැමිමට හැකියාව උදා වී ඇත. විද්‍යඥයින් පවසන ආකාරයට මෙවැනි ඇතැම් පර්යටන පක්ෂි විශේෂ වල බොහෝදුර පියාසරියේදි ඇසේ ගැටෙන වායු ධාරාවන් හේතුවෙන් ඇසේ සියුම් පටකවල ස්තිථි විද්‍යුත් ආරෝපන ඇතිවන අතර එම ආරෝපන පෘතිවි චුම්බක ක්ෂේත්‍රයට සංවේදි විම මත ඇස තුලින්ම දිශාව පිලිබද සංවේදනයක් ලබාදෙන බවයි.

සාමාන්‍යයෙන් විද්‍යුත් කේෂ්ත්‍ර හා ස්තිථි විද්‍යුත් ආරෝපන බාවිත කරනු ලබනුයේ මිනිසා විසින් සකස්කල ඉලෙක්ට්‍රොනික උපකරන වල ක්‍රියාකාරිතවය සදහාය. එසේනමුදු අප අවට පරිසරයේ පිපෙන සුගන්දවත් මල් බොහොමයක් වර්ණවත් සුන්දරත්වයට අමතරව තමාගේම විද්‍යුත් කේෂේත්‍රයක් ඇතිකරගන්නා බව පැවසුවහොත් ඔබ ඇතැම්විට පුදුමයට පත්වනු ඇත.

මල් වල පවතින මෙම කුඩා විද්‍යුත් කෂේත්‍රය බොහොවිට මදු කෝශ ආශ්‍රිතව ව්‍යප්තවි පවති. honey bees (Apis mellifera) වැනි මිමැස්සන් ගේ ස්පර්ශකරෝම වලද සියුම් විද්‍යුත් ආරෝපන පවතින අතර මෙවැනි මිමැස්සෙකු   මලකලකට සෙනට්ම්ටරයක් පමන ලංවන විට මලේ විද්‍යුත් ක්ෂේත්‍රය දෙසට මිමැස්සාගේ ස්පර්ශක නැඹුරු වන අතර එමගින් මීමැස්සාට මල පිලිබදව හා එහි පවතින මධු ප්‍රමානය පිලිබද සංවේදනයක් ලැබේ. මෙහිදි මී මැස්සකු මලක වැසු සැනින් ආරෝපන උදාසීන විමක් සිදුවන බැවින් මල් පැනි උරන ලද මල්වල විද්‍යුත් ක්ෂේත්‍රය දුර්වල මට්ටමකට පතිවිම සිදුවේ. මෙබැවින් මලවෙත සමිප වන මිමැස්සාට තමුන්ට පෙර වෙනත් මීමැස්සකු මෙහි පැමින ඇත්ද යන්න තහවුරු කරගත හැකිය.

එමෙන්ම ඇතැම් මල්වල පරාග කනිකා බඹරුන් මී මැස්සන් වැනි සතුන්ගේ ශරිරවල ඇලිමටද මෙම ස්තිථි විද්‍යුත් ආරෝපන වැදගත් වන බව හදුනාගෙන ඇත.එමෙන්ම මී මැස්සන් තම වර්ගයා අතර සංනිවෙදනයට යම් ආකාරයක නර්ථනයක් බදු චලනයක් දක්වන ආකාරය අප දැක ඇත. මෙහිදිද හුදු චලනයකට අමතර මීසැස්සාගේ ශරිරයේ පියාපත් ,ස්පර්ශක හා උදරය ආදි ආරෝපිත ස්ථාන වේගයෙන් සෙලවිමෙදි විද්‍යුත් චුම්බක තරංග ජනනය වන බවත් එහි විස්තාරය හා සංඛ්‍යාතය මගින් අනෙකාට පනිවුඩයක් ලබාදාය හැකි බවත් විද්‍යඥයින් හදුනාගෙන තිබේ.මෙම විද්‍යුත් සංවේදිතාව කැරපොත්තන් හා පොතිරිස්සන් වැනි සතුන් තුලද මැනවින් බවතින බව හදුනාගෙන ඇත.

අලි ඇතුන්ටද මෙවැනිම මිනිසාට නොමැති සුවශේෂි සංනිවේදන ක්‍රමයක් පවති. එය භුමිය ඔස්සේ ව්‍යාප්තවන ඉතා අඩු සංඛ්‍යාතයකින් යුතු සියුම් කම්පන ඔස්සේ සිදුකර ගන්නා සංනිවේදනයකි.බර කිලෝ දහස්ගනනක් වන අලියකු ඔහුගේ පාදය පතුල යම් රිද්මයකට පොලව මත ගැටිමට සලස්වමින් අඩු සංක්‍යත කම්පන තරංගයක් (Seismic wave) ඇතිකරයි. මෙම සියුම් කම්පනය භුමිය ඔස්සේ සැතපුම් විස්සක් පමන පැතිර යන බව ඇමරිකානු පර්යේෂකයකුවන Caitlin O'Connell-Rodwell පවසයි.

  මෙසේ එක් අලියකු විසින් ලබා දෙන කම්පන සංඥාව දුර බැහැරක සිටින තවත් අලියකුට ඔහුගේ පාදයෙන් ග්‍රහනය කරගත හැකි අතර ඉන්පසු එම කම්පන සංඥාව අලියාගේ පාදයේ අස්ති ඔස්සේ කණ වෙත ලගාවන බව පර්යේෂකයින් තහවුරුකරගෙන ඇත.

ඇස මගින් සිදුකරනු ලබන දෘෂ්ටිමය සංවේදනය සත්ව ලෝකයේ පවතින ප්‍රමුකම සංවේදනය බව අප දනි.මෙහිදි අප දකින වරණවත් ලෝකයතුල ඇත්තේද සැබැවින්ම අප දකින වර්න ප්‍රමානය පමනක් නොවේ. තවත් බොහෝවර්න පැවතියද ඒවා මිනිස් ඇසට සංවෙිදි නොවේ.මිනිස් ඇස සංවේදි වන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තරංග ආයාමය 380nm -700nm දක්වාවු පරාසයේ වන ආලෝක තරංගයන්ට පමනි. මෙම පරාසය වර්ණ අප දකින්නේ මිනිස් ඇසේ පවතින කේතු සෛල වර්ග තුනක් මගින් ලබාගන්නා වර්න සංවේදන එකිනෙක සංයෝජනය කිරිමෙනි. අපගේ ලෝකයේ සියලු වර්ණ සංයෝජන හා සියලු ම්‍රදුන කටයුතු four Colour වී ඇත්තේ මෙම පදනම මතය. එසේ නමුත් ඇතැම් කුනිස්සන් වැනි සතුන්ගේ දෘෂ්ටි පරාසය අප තරම් ප්‍රබල නොවන නමුත් ඔවුන්ට කේතු සෛල වර්ග 15 ක් පවති. මෙබැවින් ඔවුන් දකින එකිනෙකට වෙනස් වර්ණ ප්‍රමානය සිතාගත නොහැකි තරම්ය.

මෙන්ම මිනිස් ඇසට ගෝචර නොවන අදෝරක්ත කිරන හා පාරජම්බුල කිරන වලට සංවේදි ඇස් සහිත සත්වයින් බොහොමයක් සිටි. විශේෂයෙන්ම නිශාචර සතුන්ට හා සාගර පතුලේ ජීවත්වන ජීවින්ට මෙම උරගයන්ට මෙම සංවේදි තාව පවති.නාගයන් වැනි සර්පයින්ගේ ඇස්වල පහලින් පිහිටි Pit Organs නම් ස්තාන අදෝරක්ත කිරන/තාපවිකිරන සදහා සංවේදිය.  අප ආලොක්ය උපයොග්කරගෙන ඇස් මගින් රුප දකින් ආකාරයට ඔවුන්ගේ ඇස්  උනුසුම ඔස්සේද රුප මවාගැනිමක් සිදුකරයි.

සත්ව ලෝකයේ ශබ්ධය සංවේදනය සම්බන්දවද බවතින්නේ මෙවැනිම විචිත්‍ර විවිධත්වයකි. මිනිසාට ග්‍රහනය නොවන 20hz ට වඩා අඩු සංක්‍යත සහිත ශබ්ද තල්මසුන්ට හා අලි ඇතුන්ට, සුනකයන්ට ශ්‍රවනය කල හැකි අතර  තලමසුන් එවැනි අඩු සංක්‍යත ශබ්ද මගින් කිලෝමිටර සියයක් පමන දුරින් සිටින තවකෙකුට පනිවුඩ ලබාදෙන බව හදුනාගෙන ඇත.ඩොල්පින් මසුන්ට හා වවුලන්ට 2000hz වැඩි අතිධවනි තරංග මගින් පරිසරයේ ඇති දැ නිරික්ෂනයට හැකියාවක් පවති. මැතකදි කල පර්යේෂනයක් මගින් තහවුරු කර ඇත්තේ මිනිසා තම කලල අවදිය තුලදි මෙවැනි අදි සංක්‍යාත තරංග වලට සංවේදි බවක් දකිවන බවයි. විශේෂයෙන්ම මිනිසා කල අවදිය තුල පසුකර යන පරිනාමික බන්දුතාවයන් මෙයට හේතුවන බව පර්යේෂකයින්ගේ මතයයි. ඇතැම් දරුවන් මවු කුස තුල සිටියදි ultra sound scanning වලදි ප්‍රතිචාර දක්වා ඇති බව සදහන් වේ.

ආඝුහහන සංවේදනයද පුලුල් පරාසයක විවිධත්වයක් පෙන්වන අතර මිනිසාගේ දුර්වලම සංවේදනය වන්නේද ආඝ්‍රහන සංවේදනයයි. හිම වාසි වලසුන් හා කලු වලසුන්ට කිලෝමිටර 45 පමන දුරක පිහිටි දෙයකින් හමා එන ඝන්දය හදුනා ගත හැකි අතර ඒ පිලිබද මාර්ග සටහනක් මොළය තුල මවා ගැනිමට ඔවුන්ට හැකියාව ඇත. මෙම සුවිශේෂි හැකියාව සුනකයින් හා වෘකයින් ටද සතුවන අතර නවිනතම පරියේෂන අනුව මිනිස් සිරුරේ පිලිකා හදුනා ගැනිමට පවා මොවුන් සමත්ව ඇත.

සත්ව ලෝකයේ මේ ආකාරවු අදි සංවේදිතාවයන් හේතුවෙන් මිනිසා විසින් පරිසරය තුල සිදුකරනු ලබන ඇතැම් වෙනස්කම් හා මිනිස් ක්‍රියාකාරකම් වලදි අප අත්නොවිදිනු ලබන ඇතැම් අපහසුතාවයන් සත්වලෝකය අත්විදින බව නිසැකය. එබැවින් සියල්ලන්ටම ජීවත්විමට හිතකර ලෝකයක් තැනිමේ ව්‍යායාමයේදි සත්ව ලෝකයේ දෙස ප්‍රජාතන්ත්‍රිය මානයකින් සලකා බැලිය යුතු බව අවිවාදිතය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                               journal of the Acoustical Society of America (JASA).






ඒක දේශික ශාකයක් වදවිම තුලින් ඇතිවන පාරිසරික අගතිය...

  දේවානි මහත්මිය ඇතුලු මහපොලවට ගහවැලට ලැදි මිනිසුන් පසුගිය දින කිහිපයේ crudia zeylanica   ගස රැකගැනිමට සිදුකල අරගලයේදි “ දරට” පමනක් ගත හැකි ...