Monday, September 21, 2020

 


 

දශක හතක සංවර්ධනයේ පාරිසරික ඝට්ටනය

-------------------------------------------------------

 

ඩඩ්ලි සේනානායක මහතාගේ දෙවන පාලන සමය අවසන් අදියරයට පැමිනෙන අවදිය වන විට ශ්‍රිලංකාවේ පශ්චාත් නිදහස් ආර්තික සංවර්ධන ක්‍රියාදාමයට අංතර් ජාතික මුල්‍ය ආයතන සහ ජාත්‍යයන්තර සංවිදානවල ඇල්ම බැල්ම වැටෙමින් පැවතිනි. ඔහු පෙර සමයේ මෙහෙයවන ලද ගල්ඔය, මින්නේරිය වැනි ගොවිජනපද ව්‍යාපාර වෙනුවට විකල්ප වානිජ ඉලක්ක පිලිබදව සැලකිලිමත් වෙමින් සිටියේය.

මෙම අවදියේ එක්සත්ජාතින්ගේ සංවර්ධන වැඩ සටහන (UNDP) හා ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) හි මැදිහත්විමෙන් සිංහරාජ වනාන්තරය ඇතුලු ශ්‍රිලංකාවේ ප්‍රමුක වනාන්තර වල පවතින දැව සම්පත් පිලිබද සිදුකල තස්සෙරුවකින් පසු රජයට යෝජනා කර තිබුනේ මෙම වනාන්තරවල යම් කොටසක් එළිපෙහෙලෙි කොට එම දැව මුලික කරගත් කර්මාන්ත ආරම්භකිරිමටය.ඒ අනුව වරිණිය දැව හෙලිම සදහා දිවයිනේ පැවති සිංහරාජය ඇතුලු නොයිදුල් වැසි වනාන්තර තෝරාගන්නේ එහිවන අමිල පාරිසරික වැදගත්කම ආර්තික සංවර්ධන අවශ්‍යතාවට යටපත් කරමින්

මෙයට සමගාමිව 1968 අංක 15 දරන පනතින් කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව පවතින තෙත් බිම් ගොඩකිරිම සදහා වෙනම ආයතනයක් ස්ථාපිත කලේය.එය පහත් බිම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ මංඩලයයි. මෙම ආයතනය ස්ථාපිත කරන අවදියේ සිට මැතකදි එම පනත සංශෝදනය වන තෙක්ම එම ආයතනයේ අරමුන ලෙස සදහන්වුයේ ගොඩකලහැකි සියලු ඉඩම් ගොඩකර වානිජ වටිනාකමක් සහිත ඉඩම් බිහිකිරිමයි.අද දවසේ අප සතු පරිසර විද්‍යාත්මක කියවිම අනුව තෙත් බිමක් ගොඩකිරිම යනු අතිමහත් පාරිසරික හානි ප්‍රමානයක් ඇතිකරනු ලබන ක්‍රියාවකි.

මෙම අවදිය වන විට පරිසර අර්බුදය පිලිබද සාකච්ඡාව එතරම් ප්‍රබලව සමාජ පිලිගැනිමකට ලක්ව නොතිබු නමුත් ශ්‍රිලංකාවේ වාමංශික දේශපාලන දහරාව තුල බිහිවු ඇතැම් දුරදර්ශි නායකයින් පාරිසරික හානි හේතුවෙන් උද්ගතවිය හැකි අනාගත අනතුර පිළිබද යම් පුරෝකතනයන් සිදුකර තිබුනි. ඒ අතර දොස්තර එස්.ඒ වික්‍රමසිංහ මහතා මද්‍යමකදුකරයේ සිදුකරන අවිදිමත් භුමි පරිහරනය හා විනාශ පිලිබද අදහස් දක්වා තිබිනි.

එමෙන්ම රෝහන විජේවිර මහතා 1970 මාර්තු 12 වන දින කොළඹ හයිඩ් පිටියේ පැවත්වු ජ.වි.පෙ පලමු රැලිය අමතමින් කියා සිටියේ සුදු අධිරාජ්‍යවාදින් විසින් බලහත් කාරයෙන් අපගේ මාතෘභුමිය අල්ලාගැනිමෙන් පසු මද්‍යම කදුතරයේ පිහිටි මුහුදු මට්ටමේ සිට උස අඩි පන්දහස ඉක්මවු ප්‍රදේශයේ නොයිදුල් වනාන්තරය කපා දමා වානිජ වගාවන් ඇරඹ්ම අති දැවැන්ත පාරිසරික හානියක් ඇති කල බවත් අප තවදුරත් මෙම වනාන්නත පද්දති විනාශ කලහොත් එහි ආදිනව දශක කිහිපයක් යන විට නාය යැම්, ගංවතුර ආදි මහා ව්‍යසනයන් ලෙස අප හමුවට පැමිනෙනු ඇති බවය. ඔහු අවදාරනය කර තිබුනේ අඩි 5000ට වැඩි ඉහල ජලාධාරය නැවත ස්වභාවික වනය බවට පත්විමට ඉඩහැරිය යුතු බවය.

කෙසේ වෙතත් ඩඩ්ලි සේනානායක රජය පරාජය කරමින් සමගි පෙරමුන යටතේ සිරිමාවෝබන්ඩාරනායක මැතිනිය 1970 දි බලයට පත්වන අතර එම රජය ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්දන ඉනිමයක් අරඹමින් ඉලක්ක ගත ආර්ථික සංවර්දන වැඩපිලිවෙලකට අවතීර්න විය.

එවකට ලොව පැවති රාජ්‍ය ඒකාධිකාරි ලිබරල් ආර්තික උපායමාර්ගයන්ට අනුව වේගවත් නිශ්පාදන ආර්තිකයක් ස්තාපිත කරනු වස් මිත්‍ර රාජ්‍යයන්හි සහය ඇතිව මහා පරිමාන රාජ්‍ය ව්‍යවසායන් අරඹන සිරිමාවෝ රජය කඩදාසි නිශ්පාදනය, වානේ කර්මාන්ත, ටයර් හා රසායනික කර්මාන්ත ආදි කර්මාන්ත රාශියක් ඇරඹුවේ දේශිය අමුද්‍රව්‍ය මත නිශ්පදනයන් මෙහෙය විමේ අරමුනු සහිතවය.මෙහිදි පරිසරය පිලිබද ඉතාම අවම සැලකිල්ලක් සහිත රාජ්‍ය කර්මාන්ත සංස්කෘතියක් ඇරඹුනු ආකාරය දැක ගත හැකිය.

 

ඩඩ්ලි සේනානායක මහතා සැලසුම් කර තිබු සිංහරාජ වනය ආශ්‍රිත දැවකර්මාන්තය සිරිමාවෝ රජය විසින් ඇරඹු අතර එය වඩාත් හානිකර දිශානතියකට දිවෙන්නෙ දැව වලට අමතරව තුනිලැලි නිපදවිම සදහා මහාපරිමාන වන හායනයකට පියවර තැබිම සමගය.

කැනඩාවේ රීඩ් කොලින්ග්ස් ඒකාබද්ධ සමාගමේ (Canadian Reid Collings Associates (Ltd) සහාය ඇතිව කොස්ගම තුනීලෑලි සංස්ථාව (Plywood Corporation) ස්ථාපනයකර  ඒ සඳහා අවශ්‍ය දව ලබා ගැනීමට සිංහරාජ වනයේ උතුරු ප්‍රදේශයේ හෙක්. 5000 ප්‍රදේශයක් වෙන්කර දැව හෙළීම් ආරම්භ කරනලදී. දැව කඳන් ප්‍රවාහනය සඳහා විශාල යන්ත්‍ර (Timber jack, Trucks, Backhoe හා Bulldozer ආදිය) භාවිතා කළ අතර ඒ සඳහා අඩි 12 – 15 පළල් වූ දැව ප්‍රවාහන මාර්ග ඉදිකරනලදී. එපමනක් නොව නාකියාදෙනිය වනාන්තරය, දෙදියගල වනාන්තරය, කන්එලිය වනාන්තරය හා යගිරල වනාන්තරය ඇතුලු තෙත් සදාහරිත වනාන්තර කිහිපයක් එළිපෙහෙලෙිකරමින් බරපතල වන විනාසයකට මගපාදමින් අමුද්‍රව්‍ය එක්රැස්කිරිම ඇරඹිය.

මෙම ක්‍රියාදාමයේ ආදිනව කෙටිකලකින් පෙන්නුම් කරමින් සොදාපාලුවු ප්‍රදේශයේ කාදනයවු පස් ගීං ගගෙහි තැනිපත්වෙමින් ගිංගග බොරපැහැවි පිටාර ගලමින් බොහෝ ප්‍රදේශ ගංවතුරට ගොදුරුවිම සිදුවිය. මේ සමග නන්දෙසින් පැනනැගනුනු ජනතා විරෝධය හමුවේ මෙම වනාන්තර විනාශය නතරකර දැමිමට සිරිමාවෝ රජයට සිදුවු අතර 1976 වන විට සිරිමාවෝ මැතිනියගේ රජයට එරෙහිව විපක්ෂයේ ජේ.ආර් ජයවර්ධන මහතා ගෙනගිය විරෝධතාවයන්හි එක් ප්‍රභල සටන්පාටයක් වන්නේද සිංහරාජවනාන්තරය කපාදැමිම නතර කිරිමයි.

මේ සමස්තයේ ප්‍රතිඵලයක් ලෙස 1977 දි සිරිමාවෝ රජය පරාජය කරමින් ජේ.ආර් ජයවර්ධන මහතා බලයට පත්වන අතර ඔහු ප්ශ්චාත් නිදහස් ශ්‍රිලංකාවේ දෙවන ඉලක්ක ගත ආර්තික සංවර්ධන වැඩ පිලිවෙල ඇරඹිය. සිරිමාවෝ රජයේ අපනයන ආදේශක සංවෘත ආරිතිකය වෙනුවට විවෘත හෙවත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මත පදනම්වු ආර්තික වැඩ පිලිවෙලකට පිවිසෙන ඔහු ඒ සදහා උචිතවන ලෙස බල දේශපාලනික පිටිය සකස් කරගන්නාලදි.

පරිසර හිතකාමි ධාර්මික සමාජයක් පිළිබද කතිකාවක් සමග නව පාලන තන්ත්‍රය ඇරඹි නමුත් තම ආර්තික සංවර්ධන ප්‍රතිපත්ති ගොඩනැංවිම හමුවේ ජේ. ආර් පාලනයද පුරුදු පරිද් පරිසරය හා ස්වබාබික සම්පත් වල පැවැත්ම පසෙකට තලා ආර්තික සංවර්ධන උපාය මාර්ග සැලසුම්කිරිම ඇරඹිය. සැබැවින්ම මෙය හුදෙක් ජයවර්ධන මහාතාගේ හො සිරිමාවේා බන්ඩාරනායක මැතිනියගේ ආකල්පමය වරදක් නොව ධනවාදි ආර්තික සංවර්ධන අපාය මාර්ගයන්හි පවතින නෛසාර්ගික(උපන්ගෙයි )ස්බවබාවයකි..

සිහරාජ වනය වන විනාශයයෙන් බේරා ගැනිමට පෙරට ආ ජයවර්ධන මහතා ඒ ආශ්‍රිතව ඇක්ටිවෙට්ඩ් චාකෝල් නිපදවිමේ ආයෝන සැලැස්මක් සකස්කලේය.

 ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන අගනගරය ඉදිකිරිම සහ යෝජිත නිදහස් වෙලදපල ආර්තික උපායමාර්ගයට අවශ්‍යකරන බුමිය සකස්කර ගැනිම පිලිබද අවදානය යොමුකල ජවයර්ධන පාලනය එවකට කොළඹ දිස්ත්‍රික්කය පුරා විසිරි පැවති තෙත් බිම් පරිසර පද්ධතිය ගොඩකරමින් ආර්ථිකමය වටිනාකමක් සහිත ඉඩම් ප්‍රමානයක් බිහි කර ගැනිමේ හැකියාව හදුනාගෙන තිබිනි. මෙම නව ආර්තික උපාය මාර්ගයේ දෘෂ්ටිවාදි කියවිමට අනුවඑම වගුරු බිම් හෙවත් තෙත් බිම් පරිසර පද්ධතිය කිසිදු පලප්‍රයෝජනයක් නොමැති බුමියකි. එබැවින් ඔවුන්ට අවශ්‍යවුයේ මේවා ගොඩකරමින් ඉඩම් ප්‍රමානය වැඩිකර ගැනමය. ඒ අරමුන ශාක්ෂාත් කරගැනිමට පහත් බිම් සංවර්ධන මංඩල පනත සංශොදනය කර ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව නම් රාජ්‍ය ආයතනයක්ද ස්තාපිතකලේය. ගොඩකල මහ වගුරු බිමකි එහි ඉදිවන පුරවරයකි” ...මෙය එවකට තෙත් බිම් ගොඩකිරිම සාදාරනීකරනය සදහා සකස්තරන ලද සංවර්දන තේමා පාටය විය.

කෙසේ වෙතත් නව ලිබරල් ආර්තිකයට ගැලපෙන ලෙස කර්මාන්ත බිහිකිරිමටත් පවත්වාගෙන යාමටත් ඒවායේ නියාමනයට අදාල පාරිසරික ප්‍රමිතින්ප්‍රමානයක් හදුන්වාදෙන ජයවර්ධන පාලනය ජාතික පාරිසරික පනත හදුන්වා දෙමින් මද්‍යම පරිසර අධිකාරියද ස්තාපිත කලේය. එවකට සියලු නිදහස් වෙලද කලාප පහසුවෙන් අදප්‍රව්‍ය බැහැරලිමට හැකි ස්තානවල ස්තාපිත කල අතර බොහොමයක අප ජලය මුදාහැරියේ කැලනි ගගට හො ආශ්‍රිත ජලාශයකටයි. මේ සදහා ශ්‍රිලංකාවේ පාරිසරික ප්‍රමිතින්හි යම් නම්‍යශිලි සිමාවක රැදවිමට ඔවුන් කටයුතු කලේය.

එම රජෙයේ අනෙක් ප්‍රධාන සංවර්ධන ක්‍රියාදාමය වු කඩිනම් මහ වැලි සංවර්ධන යෝජනාක්‍රමය ක්‍රියාවට නංවන අතරතුර පෙරසැලසුම තුල සාකච්ඡාවු බොහෝ පාරිසරික අද්‍යයනයන් මගහැර කඩිනම් සංවර්ධන ප්‍රවේශයකට පිවිසිම විසින් ඇතිකල දිර්ඝකාලින පරිසර ගැටලු ප්‍රමානය ඉතාඉහලය.

මෙම සංවර්ධන ඉනිමදෙකෙන් පසු ජයවර්දන පාලනයේ දෙවන අදියර ලෙස 2001 රනිල් වික්‍රම සිංහ මහතාගේ යලිපුබුදමු ශ්‍රිලංකා වැඩසටහන යෝජනාවු නමුත් එය ක්‍රියාවට නැංවිමට අවස්තාවක් නොවිය. එමෙන්ම 2015 රජයේ අවිදිමත් පාලන සමය තුල රනිල් වික්‍රම සිංහ මහතා නැවත වතාවක් සුපුරුදු නවලිබරල් ආර්තික ප්‍රතිසංස්කරනයකට පෙල ගැසෙමින් ආන්දෝලනාත්මක MCC ගිවුසුම ක්‍රියාවට නංවමින් ශ්‍රිලංකාවේ බුමිය හා පාරිසරික සම්පත් අවදානමට ලක් කරමින් සිටින මොහොතක එම පාලන තන්ත්‍රය බිදවැටිම සිදුවිය.

 එබැවන් සිරිමාවෝ හා ජයවර්ධන ඉනිම දෙකෙන් පසු ඉලක්කගත ධනවාදි ආර්තික සංවර්ධන වැඩ පිලිවෙලක් ලෙස පැමිනෙන්නේ නව රජයේ ගොඪාබය රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩ පිලිවෙලයි.

එයද ආරම්බයේම ප්‍රතිපත්ති සම්පාදකයින් පාරිසරික සංර්ක්ෂනය මග හැර වඩාත් පහසු ධනවාදි නිශ්පාදන ආර්තිකයක් කරා යැමට මානයන් කිහිපයක් හදුනාගෙන තිබිනි.

පලමුවෙන්ම ඛනිජ කැනිම් හා ප්‍රවාහනය සම්බන්දව පැවති නෛතික රාමුව වෙනස්කරමින් වැලි හි ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන බලපත් ඉවත් කල අතර රජයට අයත් අවශේෂ වනාන්තර නැවතවතාවක් ප්‍රාදේහිය ලේකම් වරුනට පැවරිම  හරහා වෙනත් භාවිතාවන් සදහා ලබාගැනිමට සැලසුම් සකස් විය. ඒ සදහා 5/2001 චක්‍රලේකය සංශෝදනයට ගත් උත්සාහය තාවකාලිකව යටපත් වන්නේ නැගි ආ පරිසරවෙදින්ගේ විරෝධය මතය. කෙසේ වෙතත් යුගයක රජයන මතවාදය නම් පාලකයින්ගේ මතවාදයන්ය යන්න පසක්කරමින් රට පුරා රට පුරා පවතින රජයට අයත් වන බුමි පරක් තෙරක් නොමැතිව එලිපෙහෙලි කිරිම අරඹා ඇත්තේ නව ආර්තික සංවර්ධන ගමනද පරිසරය හා ස්වබාවික සමිපත් සම්බන්දව දක්වන ආකල්පය පසක්කරමිනි. පරිසරයට අදාල නව අමාත්‍යංශ වල විශය පතයන්හි පරිසරික නිති ලිහිල්කිරිම සංවර්ධනයේ මුලික උපායමාර්ගික අවශ්‍යතාවක් ලෙස හදුනා ගෙන ඇත.

එබැවින් මෙම ලිබරල් ධනවාදි සංවර්ධන ආකෘතින්හි පවතින පාරිසරික ගට්ටනය අප තේරුම් ගත යුතුවන්නේ සිරිමාවො මැතිනියගේ, ජේ ආර් ජයවර්ධන මහතාගේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ හෝ ගෝටාභය රාජපක්ෂ මහතාගේ ගේ පුද්ගලික් සහැසිකමක් ලෙස නොව ක්‍රමයේ උප්පත්ති දෝසයක් ලෙසය. එබැවින් පරිසර විනාසය හමුවේ පෙලගැහෙන හුදකලා සාකච්ඡා වලින් ඔබ්බට පුලුල් කතිකාවක් ගොඩනැගිමෙන් තොරව තිරසාර විසදුමක් සොයායැම පහසු නොවනු ඇත.

 

No comments:

Post a Comment

ඒක දේශික ශාකයක් වදවිම තුලින් ඇතිවන පාරිසරික අගතිය...

  දේවානි මහත්මිය ඇතුලු මහපොලවට ගහවැලට ලැදි මිනිසුන් පසුගිය දින කිහිපයේ crudia zeylanica   ගස රැකගැනිමට සිදුකල අරගලයේදි “ දරට” පමනක් ගත හැකි ...